සතියකට දවසක් බතික් අඳින්න - රාජ්‍ය ඇමැති දයාසිරි රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලයි

ලබන වසරේ ජනවාරි 01 වෙනිදා සිට සතියකට දිනක් බතික් ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කරන්නැයි රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටින බව බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) පැවැසීය. එය නියමයක් නොව ආයාචනයක් පමණක් බවද හෙතෙම සඳහන් කළේය.එමෙන්ම ලබන වසරේ සිට පාසල් ළමුන්, හමුදා නිලධාරීන් , හෝටල් සේවකයන්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි දේශීයව සපයා දෙන බවද ඇමැතිවරයා කීය.
වසරකට සිවුරු 40,000ක් පිටරටින් ගෙන්වන බවත් ලබන වසරේ සිට ඒවා මෙරටදී නිෂ්පාදනය කරන අතර කාදිනල් තුමාද ලබන නත්තල් දේව මෙහෙය සඳහා මෙරට නිෂ්පාදිත ලෝගුවකින් සැරසෙනු ඇතැයිද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.