සුර ගුරු නීච වෙයි - ලග්න තුනකට සුභම සුභයි

සුරගුරු කියන්නේ බ‍්‍රහස්පති ග‍්‍රහයට. ගුරු කියලත් කියනවා. මේ ගුරු ග‍්‍රහයා පසුගිය නොවැම්බර් විසිවෙනිදා මෙතෙක් ගමන් කළ ධනු රාශියෙ ඉඳල මකර රාශියට මාරු වුණා. මේ මකර රාශිය කියන්නෙ ගුරු ග‍්‍රහය දුර්වල වෙන නැත්නම් නීච වෙන රාශියටයි. ලබන අවුරුද්දෙ අපේ‍්‍රල් මාසෙ හයවෙනිදා වෙනකල් ගුරු නීචව මකර රාශියෙ ගමන් කරනවා.
ධනය, සැප, සෞභාග්‍යය උදාකරන සුබම ග‍්‍රහයා තමයි ගුරු කියන්නේ. සුබම ග‍්‍රහයා නීච වීම ඔබට කොහොමද? රටට කොහොමද? කියල සාකච්ඡුා කරන්නයි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ. නොයෙකුත් මාධ්‍යවල මේ මාතෘකාව සාකච්ඡුා වෙලා තියෙනවා. ඒත් අපි දකින විදිහ වෙනස් වේවි.
ගුරු ග‍්‍රහය තමයි ධනු, මීන ලග්නවලට අධිපති වෙන්නෙ. ඒ වගේම විසා, පුනාවස, පුවපුටුප කියන නැකත්වලට අධිපති වෙනව. දශා කාලය අවුරුදු දහසයයි. ග‍්‍රහ රාජ්‍යයේ පුරෝහිත කියලත් ගුරු හඳුන්වනව. ඒකට හේතුව තමයි ගුරුගෙන් ප‍්‍රඥාව සංකේතවත් වීම. යම් කෙනෙක් කොච්චර ප‍්‍රඥාවන්තද කියල දැනගන්න පුළුවන් කේන්දරේ ගුරුගෙ තත්ත්වය පරීක්‍ෂා කිරීමෙන්. ගුරු බලවත් නම් ඔහු හෝ ඇය ප‍්‍රඥාවන්තයි. තිලෝගුරු බුදු රජාණන් වහන්සේගේ (සිදුහත් කුමරු) ජන්ම පත‍්‍රයේ කටක ලග්නයේ ගුරු උච්චව පිහිටල තිබුණ. ඉතිං උන්වහන්සේ ප‍්‍රඥාවෙන් අගතැන්පත් වුණා.
මේ නිසා බොහෝ සිල්වත් ස්වාමීන් වහන්සේලාගේ, වෛද්‍ය, අධිකරණ නායක, බැංකු හිමියන්, මුදල් පාලනය කරන අය වැනි ක්‍ෂේත‍්‍රවල නම් දරාපු අයගේ ගුරු බලවත් වෙනවා. ගුරුවරුන් මහාචාර්ය, කථිකාචාර්යවරුන් වැනි අයට වගේම දරුවන් හා ශිෂ්‍යයන් ටත් ගුරු අධිපති වෙනවා. පැණිරස, පුෂ්පරාග මැණික්, අංක 5 බෝ, තැඹිලි වෘක්‍ෂ, බස් රථ, ගුරුගේ අධිපතිත්වය දරනවා. ගුරු දුර්වල අයට ආහාරපාන, යානවාහන, ධනය, හොඳ ගුරුවරු වගේම ප‍්‍රඥාව අඩුවෙන්න ඉඩ තියනවා.
ගුරු නීච වීම ගැන විවිධ මති මතාන්තර ප‍්‍රචාරය වුණා. ජ්‍යෝතිෂ්‍ය කියන්නේත් පර්යේෂණ කරන්න පුළුවන් විෂයයක්. ඉතිං ගුරු මාරුවෙන් මොකද වෙන්නේ කියලා බලන්න නම් පසුගිය කාලේ ගුරු මකර රාශියෙ ගමන් කරපු කාල සීමාව ගැන හොයල බලන්න ඕනෑ.
වර්ෂ 1949, 1961, 1973, 1985, 1997, 2009 කියන අවුරුදු වලත් ගුරු මකර රාශියෙ නීචවෙලා තමයි ගමන් කළේ. මෙවර විශේෂත්වය තමයි ශ‍්‍රී ලංකාව අයත් කුම්භ ලග්නය හිමි කේන්ද්‍රයේ දොළොස්වැන්නට ලග්නපති සෙනසුරු මාරුවී සිටියදීම ගුරු මාරුවීම. සෙනසුරු මකර රාශියට එන්නෙ වසර විසිනමයහමාරකට වතාවක්. ගුරු එන්නෙ වසර දොළහකට වතාවක්. දැන් මේ අවස්ථා දෙකම එකට යෙදිලයි තියෙන්නෙ.
මේ අවුරුද්දෙම මාර්තු 30 වැනිදා ගුරු මකරයට ආව. ඒත් එක්කම තමයි කොවිඞ් 19 වසංගතය රෝගය ආවෙ. ඊළ`ගට ජුනි 30 වෙනිදා ගුරු ධනු රාශිගත වුණා. බලවත් වුණා. කොවිඞ් පළමු රැල්ල ජයගන්න පුළුවන් වුණා. හැබැයි ඒ කාලෙම අපි දිවයින නැකත අතිරේකයෙන් කීව ආයිමත් මේ නොවැම්බර් වල ගුරු නීච වෙනව අසුබදායකයි කියල. මේ මාස කීපයක් ඇතුළත ගුරු රාශි නැකත මාරු වුණේ වක‍්‍රවීම නිසයි.
ඉතිං මේ ග‍්‍රහමාරුව රටේ ආර්ථික ශක්තියට එතරම් සුබදායක නෑ. සෞඛ්‍ය රැුකගැනීම වෙනුවෙන් විශාල වියදමක් දරන්න වෙනවා. වියදම් ඉහළ යනවා. කේන්ද්‍රයේ දොළොස්වැන්නෙන් කියන බන්ධනාගාර, රෝහල්, පුනරුත්ථාපන අංශ ප‍්‍රතිසංස්කරණය කරන්නත් වෙනවා. ආදායමට බාධා පවතිනවා. අධිකරණ, භාණ්ඩාගාර, බැංකු ආශ‍්‍රිතව ගැටලූ මතු වේවි. වෛද්‍යවරුන්ට වගේම පූජ්‍ය පක්‍ෂයටත් අපලදායකයි. ගුරු නීච වෙනකොටම මහානායක නාපානේ පේමසිරි හාමුදුරුවෝ මෙලොවින් සමුගත්තා. ඉදිරි මාස පහක් විතර ඇතුළත තවත් කනගාටුදායක මරණ කිහිපයක් වත් සිදුවේවි. කව්රු රාජ්‍ය පාලනය කළත් මේ තමයි ග‍්‍රහබලය, මේ කාල විපත්තිය මුළු ලෝකයටම පොදුයි.
මේ අතරේ ගුරු මාරුවීම තම තමන්ගෙ උපන් ලග්නවලට කොහොමද දැනගන්නත් ඔබ සතුටු ඇති. ලග්න දොළහටම ගුරු මාරුව බලපාන්නෙ මෙහෙමයි.
මේෂ
දහවැන්නට ගුරු මාරුව සිදුවෙනවා. සමාජ තත්ත්වය, ප‍්‍රසිද්ධිය ගෞරවය ඇතිවෙයි. රැකියාව නිසා තරමක කාර්ය බහුල බවක් ඇතිවේවි. තත්ත්වය රැුකගන්න කියල අමතර වියදම් යෙදෙන්නත් ඉඩ තියනවා. වියදම් පාලනය ගැන සැලකිලිමත් වෙන්න.
වෘෂභ
බොහෝ දුරට සුබපලදායකයි අධ්‍යාපන කටයුතුවලට නියත උනන්දුව වැඩිවෙයි. අසනීපයක් තිබුනා නම් ඒක සුව අතට හැරෙයි. සමාජ සේවා පිංකම් වගේ දේවල්වලට සහභාගිවෙන්න වගේම දුර ගමන් යෙදෙන්නත් ඉඩ තියනවා.
මිථුන
මිථුන ලග්න හිමියන්ට දැනටමත් සෙනසුරු ඒරාෂ්ටක අපලයක් තියනවා. අටවැන්නට ගුරු මාරුවීම ඒ තරම් සුබ නැහැ. ශරීර සෞඛ්‍යය රැුක ගන්න උනන්දු වෙන්න. වතුරෙන් ප‍්‍රවේශම් වෙන්න. ග‍්‍රහ ශාන්තිකර්ම කර ගැනීම සුදුසුයි.
කටක
ඔබේ කේන්ද්‍රයේ ලග්නයෙන් හත්වැන්නට ගුරු මාරු වෙනවා. ඉතිං මේ තත්ත්වය සුබදායකයි. සතුරන්, තරගකරුවන් අභිබවා යන්න ජයගන්න පුළුවන් වෙයි. වැදගත් අයගේ ඇසුර ලැබෙයි. විවාහ යෝජනා ස්ථීර වෙයි. දියුණුවට කාරනා යෙදෙන බවත් පේනවා.
සිංහ
ගුරු මාරුව සිදුවන්නේ හයවැන්නටයි. කාර්ය බහුල බව ඉහළ යන්න පුළුවනි. සේවක සේවිකාවන්ගේ සහයෝගය නම් ලැබෙයි. ණය මුදලක් ගන්න තිබුණු බලාපොරොත්තුවක් ඉටු වේවි. කොලෙස්ටරෝල්, දියවැඩියාව වගේ රෝගවලින් ප‍්‍රවේශම්වීමට සැලකිලිමත් වෙන්න.
කන්‍යා
කන්‍යා ලග්න හිමියන්ට ගුරු මාරුව සුබපළදායකයි. ලග්නයෙන් පස්වැන්නට මාරුවන නිසා දරු ලාභ ගැන නියත බලාපොරොත්තු සාර්ථක වෙයි. මංගල යෝජනා ස්ථීර වෙයි. ඒ වගේම ව්‍යාපාරවලට මුදල් යෙදවීමෙන් ලාබ ලබා ගන්නත් පුළුවන් වෙයි. මේ ගැන හිතල උත්සහවන්තව වැඩ කරන්න.
තුලා
තුලා ලග්න හිමියන්ගේ ලග්නයෙන් හතර වැන්නටයි ගුරු මාරුව සිදුවෙන්නේ. ගෘහ ජීවිතය පිළිබඳ තරමක ගැටලූකාරී තත්ත්වයක් ඇතිවෙන්න පුළුවනි. ශාරීරික සනීපය ගැනත් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. මේ ලිපියෙ අග තියෙන විදිහට අදාළ ග‍්‍රහ ශාන්තිකර්ම කරගන්න.
වෘශ්චික
ඔබේ ජීවිතය ගොඩක් කාර්ය බහුල වෙන්න ඉඩ තියනවා. ලග්නයෙන් තුන්වැන්නටයි ගුරු මාරු වෙන්නෙ. උත්සාහයේ තරමට ප‍්‍රථිඵල නෑ කියල හිතෙන්න පුළුවනි. වියදම් ටිකක් ඉහළ යයි. රුධිරගත මේදය සීනි වගේ රෝගාබාධ ගැන ප‍්‍රවේශම් වෙන්න. ඔබත් අදාළ ග‍්‍රහ ශාන්තිකර්ම කර ගැනීමට සැලකිලිමත් වෙන්න.
ධනු
ධනු ලග්න හිමියන්ට නම් ගුරු මාරුව බොහෝ දුරට සුබපළ දෙනවා. දැනට වසර දෙකකට විතර ඉස්සර සැලසුම් කරපු දේවල් සාර්ථක කර ගන්න අවස්ථාව උදාවෙයි. බිරිද නැත්නම් සැමියාටත් සුබයි. ආදායම් සතුටුදායකයි. ගෘහ ජීවිතයේ දියුණුවට තිබුණු බාධා කරදර ටිකක් ඉවත් වෙයි.
මකර
මකර ලග්න හිමියන්ගේ ලග්නයටම ගුරු මාරුවෙනවා. මේ තත්ත්වය මිශ‍්‍රපළදායකයි පසුගිය කාලෙට වඩා ටිකක් හොඳ බවක් පේනවා. ඒ වුණත් තමන්ට වඩා උසස් අයත් එක්ක කටයුතු කරනකොට කල්පනාකාරී වෙන්න. සෞඛ්‍ය රැුකගැනීමටත් සැලකිලිමත් වෙන්න.
කුම්භ
කුම්භ ලන්ගනය හිමි අයගේ ලග්නයෙන් දොළොස්වැන්නටයි ගුරු මාරු වෙන්නෙ. ඉතිං සාර්ථකව කරගෙන ගිය කටයුතුවලට තරමක බාධා ඇති වෙන්න පුළුවනි. සතුරු කරදරවලින් ප‍්‍රවේශම් වෙන්න. ගුප්ත විද්‍යාවල පිහිට ලබන්න නම් පුළුවනි. ශාරීරි සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න.
මීන
ඔබේ ලග්නයෙන් එකොළොස්වැන්නට ගුරුගේ පැමිණීම සුබයි. ආදායම් තත්ත්වය සතුටුදායකයි. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබෙයි. සහෝදරයන්ට සුබදායකයි. මංගල යොජනා ස්ථීර වෙයි. ව්‍යාපාර කටයුතු වලට තිබුණ බාධා තරමක් දුරට ඉවත් වෙයි. විවාහ සහකරුටත් සුබපලදායකයි.
අපලයට පිළියම්
ගුරුගේ අපල තත්ත්වයන් පෙන්වන අයට ඒ අපල තත්ත්වය සමනය කරගන්න පුළුවනි. හැම දේකටම හේතුවක් තියනවා. අහසේ ඉන්න ගුරු මිනිසුන්ට අපල කරන්නෙ නෑ. ඒත් අපි අතින් සසරේ සිද්ධවෙලා තියන යම් යම් අඩුපාඩු පෙන්නවා. ගුරු ග‍්‍රහයාගෙන් සංකේතවත් වන්නේ ගුරුවරු. ඒ කින්නේ තිලෝගුරු බුදු හිමියන්, මව්පියන්, ගුරුවරු, පූජ්‍ය පක්‍ෂය වගේ අය. ඉතිං අපි අතින් මේ අයට සිදුවණ වැරදි තමා ගුරු අපලයට හේතුව. ගරු කළ යුත්තාට ගරු කිරීම හෝ නොකිරීම තමා ගුරු පෙන්වන්නේ මව් පියන්ට නොසැලකීම. ගුරුවරුන්ට අකීකරුවීම බුදු හිමියන්ට නිග‍්‍රහ කිරීම, ගුණවත් මිතුරන්ට ද්‍රෝහී වීම, බුදුපිළිම කඩා දැමීම, බෝධි වෘක්‍ෂ කපා දැමීම වැනි දේවල් පසුව දෙන අහිතකර විපාක තමා ගුරුගේ අපලය කියන්නේ.
ඉතිං පළමුව මව්පියන්ට වතාවත් කරන්න සිල්වතුන්ට ගරු කරන්න. බෝධි පූජා තියනකොට කහමල්, කහකොඩි, තැඹිලි තෙල් පහන් තියන්න. බ‍්‍රහස්පතින්දා දිනය හොඳයි. නාථ දෙවියන්ට පින්දෙන්න බුදුගුණ භාවනාවක් කරන්න. තෙල් සීනි අධික ආහාර අඩුකරන්න. ඔබට බාධා ජයගන්න ස්ථීර වශයෙන්ම පුළුවන් වෙයි. ලබන අපේ‍්‍රල් 6 වැනිදා ආයමත් ගුරු මාරුවෙනවා. ඔබට ජය