ගිනිඅවි සමග පිරිසක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනිඅවි 07ක් සමග සැකකරුවන් 05 දෙනෙකු තිරුක්කෝවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
තිරුක්කොවිල් පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී බෝර 12 ගිනි අවියක් ඇතුළු ගිනිඅවි 07ක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
එහිදී බෝර 12 වර්ගයේ උණ්ඩ 5ක් ද සොයාගෙන ඇති බව සඳහන් වේ.
සැකකරුවන් වයස අවුරුදු 26, 29 , 44, 46, 68 යන වයස්වල පසුවන තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
සැකකරුවන්ව තිරුක්කෝවිල් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.