තැපැල් දුම්රිය අවලංගු කෙරේ

අද (25) ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය අයත් පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් මෙම පියවරගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.
කෙසේවෙතත් තැපැල් දුම්රිය හැර සාමාන්‍ය දුම්රිය නියමිත කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව සඳහන් වේ.