ට්‍රම්ප් හා ජෝ බයිඩ්න් අතර අවසන් විවාදයේ දී උණුසුම් තර්ක

අමෙරිකා ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනා අතර තෙවැනි සහ අවසන් විවාදය අද(23) පැවැත්වුණි.
වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්‍ෂ ජනාධිපති ධුර අපේක්‍ෂක ජෝ බයිඩ්න් අතර එහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් උණුසුම් තර්ක ගොඩනැගුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොරෝනා වෛරසට ව්‍යාප්තිය පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එහිදී ට්‍රම්ප්ට චෝදනා එල්ල විය. එහෙත් ට්‍රම්ප් කියා සිටියේ තමන්ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ජීවිත රැසක් බේරා ගැනීමට හැකි වූ බවයි.
මෙම විවාදයේ දී ජෝ බයිඩ්න් අවධාරණය කරන ලද කරුණක් වූයේ තමා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තුවන බවය.
අමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වෙනුයේ ලබන නොවැම්බර් 03වනදා ය.