පරිගණක භාෂා අධ්‍යනයට දිවයින පුරා ශිෂ්‍යත්ව 5000ක්

විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනන්දු මහතාගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන දිවයිනේ දිස්ත්‍රික්ක 10ක දරු දැරියන් උදෙසා මේ වසර තුලදි පරිගණක භාෂා ඉගෙනීම සදහා ලබා දෙන ශිෂ්‍යත්ව 5000 වැඩසටහනෙ දෙවැනි පියවර ඊයේ (25) ගම්පහ,කටාන ආසනයේ සිසුන් සිදු කෙරුණා.

ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයත් මයික්‍රොසොෆ්ට් ආයතනයේ මූල්‍ය අනුග්‍රහයත් සර්වෝදය ෆ්යුශන් ආයතනයේ කළමනාකාරිත්වයත් සමග අමාත්‍යවරයගේ නිත්‍ය උපදේශකවරයා වන එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘතීයවේදීන් ගේ සංගමයේ ගරු උප සභාපති වන නිශාන් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා ගේ මූලිකත්වයෙන් සීදූව දවිසමර විද්‍යාලයේදී පැවැත්විනි.

එය අපේ රටේ දූ දැරියන්ගේ පරිගණක තොරතුරු දැනීම වර්ධනය කිරීම උදෙසා වැදගත්වන වැඩසටහනක් බවත් මේ හරහා උසස් ඩිප්ලෝමා වෙනුවෙන් දරු දැරියන් තෝරා ගැනීමේ වැඩසටහනක් ද ක්‍රියත්මක වෙන බවත් ඉන් තවදුරටත් මේ විෂය හැදෑරීම වෙනුවෙන් විදෙස් රටවල වැඩසටහන් වෙනුවෙන් යොමු කිරීමේ ක්‍රියා පටිපාටිය පිලිබදවත් සිය දේශනයේදී නිශාන් ප්‍රනාන්දුපුල්ලේ සිසු දරු දැරියන් දැනුවත් කළේය.