රත්නපුර නිවසක පවත්වාගෙන ගිය මහා පරිමාණයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණාලයක් වටලයි

රත්නපුර-කුරුවිට මණ්ඩදෙණිය ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට නිවසක පවත්වාගෙන ගිය මහා පරිමාණයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණාලයක් වැටලීමට ( 11 ) කුරුවිට පොලීසිය සමත් වූ බව කුරුවිට පොලීසිය සඳහන් කළා
මෙම වැටලිමෙදි එක් කාන්තාවක් ඇතුළු පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ මෝටර් රථයක් ද අත්අඩංගුවට ගෙන ඇතිබව සදහන්.
සැකකරුවන් සන්තකයේ තිබී මුද්‍රණය කරන ලද ව්‍යාජ මුදල් නෝට්ටු වල වටිනා කම රුපියල්( 122000) බව කුරුවිට පොලීසිය සඳහන් කළා
.මෙසේ ව්‍යාජ ලෙස මුද්‍රණය කර ඇත්තේ රුපියල් පන්දාහේ නෝට්ටු සහ පන්සීයේ නෝට්ටු බව සඳහන්.
සැකකරුවන් අතර මුළු මුළු දිවයිනටම සාම විනිසුරු 44 වියති පුද්ගලයකු ද සිටින බව පොලීසිය සදහන් කළා
අත්අඩංගුවට පත් පුද්ගලයන් කුරුවිට මන්ඩදෙණිය ප්‍රදේශයේ පදිංචි වයස 31 21 සහ 44කි යන වයස්වල පසුවන පුද්ගලයින් බව සඳහන්
මෙහිදී ව්‍යාජ. මුදල් නෝට්ටු මුදුණායකිරිම සදහා යොදා ගන්නා පරිගණක යන්ත්‍ර ඇතුළු උපකරණ සියල්ල සහ සැකකරුවන් (12) රත්නපුර අධිකරණය හමුවට ඉදිරිපත් කල බවයි කුරුවිට පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
අනතුරුව ( 14)   දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ .
                     මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කුරුවිට මන්ඩ දෙනිය ප්‍රදේශයේ පදිංචි හතළිස් හතර(44) වියැති  මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙක්  සහ එම ප්‍රදේශයේම පදිංචි( 31 ) වියැති පිරිමි පුද්ගලයෙක් සහ( 21 ) හැවිරිදි කාන්තාවක් බව සඳහන්
සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කුරුවිට පොලීසිය මගින් සිදු කරයි
(ජි ඒ එස් ගමඇතිගේ  පැල්මඩුල්ල)