තැපැල් ඡන්ද - දෙවන දිනය අද

එළඹෙන මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු අද (14) දෙවන දිනටත් සිදුකෙරේ.
තැපැල් ඡන්ද භාවිත කිරීම ඊයේ (13) දිනෙන් ආරම්භ වූ අතර එය හෙට, සිට ලබන 17 වැනිදා දක්වා සිදුකිරීමට නියමිතය.
මෙම දිනයන්හිදී තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සඳහා තවත් අතිරේක දින දෙකක් ඒ සඳහා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ඊයේ උදෑසන 9.00ට ආරම්භ කෙරුණු තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු පස්වරු 4.00ට අවසන් කෙරුණි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යය මණ්ඩලවලට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඊයේ දිනයේ දී සිදුකෙරුණු අතර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ දිනයේ සිදුකෙරුණේ නොමැත.
මේ අතර සමස්තයක් ලෙස තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු සාමකාමීව සිදුකෙරුණු බව මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානය සඳහන් කළේය.