රටේ අනාගතය වෙනුවෙන් අලුත් මුහුණුවලට ඉඩ දෙන්න එජාපයට පුළුවන් වුණා - රනිල් වික්‍රමසිංහ

රටේ අනාගතය වෙනුවෙන් අලුත් මුහුණුවලට ඉඩ දීමට තමන් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ගාල්ල බලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා පවසා සිටියේ, නව ආණ්ඩුවක් තෝරා පත්කර ගත යුතුව ඇති බවය.
එවැනි ආණ්ඩුවකින් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතු යැයි ද පැවසු රනිල් වික්‍රමසිංහ මහතා, අතේ මුදල් තබා ගෙන ජීවිත් විය හැකි ක්‍රමයක් ගැන එහිදී අවධානය කළ යුතු බව ද පැවසීය.
එම කාර්යන් ජනතාවට ඉටුකර දීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් ව ඇතැයි ද පැවසු ඔහු, නව මුහුණු මෙවර මැතිවරණයට ඉදිරිපත් කර ඇතැයි ද කියා සිටියේය.