වත්මන් රජය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර දමන තත්ත්වයට පත්වෙලා - රුවන් විජයවර්ධන

රජයේ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් ජනතාවට රජය කෙරෙහි දැඩි අප්‍රසාදයක් ඇති ව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ රට මේ වනවිට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති බවයි. මෙන්ම රටේ ස්වාභාවික සම්පත් විනාශ කිරීමද අතුරු මතික ලෙස මෙම රජය පියවර කරමින් සිටින බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති වනාන්තර ප්‍රමාණයෙන් 25% ක් දේශපාලඥයන්ගේ උවමනා එපාකම් පිරිමැසීම සඳහා යොදා ගැනීමේ අවධානමක් ඇති බවද රුවන් විජේවර්ධන මහතා පෙන්වා දුන්නා. ස්වභාවික සම්පත් ආරක්ෂා කරන බව පවසමින් බලයට පත් ආණ්ඩුව මේ වන විට වැලි සහ පස් කපා දමමින් වනාන්තර විනාශ කරමින් චෝදනාවක් ද සිදුකළා.
එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මේ අදහස් පළ කළේ පසුගියදා (09) මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට මහනුවරට පැමිණි අවස්ථාවේදීයි.
මෙහිදී එක්සත් ජාතික පක්ෂය හැරගිය කණ්ඩායම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ගනු ලබන විනය ක්‍රියාමාර්ග පිළිබඳව ද මාධ්‍යවේදීන් විමසා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්වරයා සඳහන් කළේ රටේ විනය සකස් කිරීම සඳහා බලය අපේක්ෂා කරන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය සැමවිටම පක්ෂයේ විනය ආරක්ෂා කිරීම සඳහා ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරන බවයි. පක්ෂය ආරක්ෂා කර ගත නොහැකි කණ්ඩායමක් රට තුළ විනය ආරක්ෂා කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් ක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේ මා මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය තුළ ප්‍රතිසංවිධානයක් සිදුවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි. මෙන්ම අවශ්‍ය මොහොතේ දී පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවනු ඇති බවද ඔහු සඳහන් කළා.
එක්සත් ජාතික පක්ෂයෙන් කිසිවිටකත් පවුල් දේශපාලනයක් සිදුකරන බවත් විවිධ නායකයින් එක්සත් ජාතික පක්ෂය නායකත්වය ලබාදී ඇති බවත් පෙන්වා දුන් විජයවර්ධන මහතා රාජපක්ෂලා වෙනුවෙන් නිර්මාණය වූ පොදු ජන පෙරමුණ හෝ බණ්ඩාරනායක වෙනුවෙන් නිර්මාණය වූ නිදහස් පක්ෂය මෙන් දේශපාලන පවුල්වාදයක් එක්සත් ජාතික පක්ෂය වටා නොමැතිබව අවධාරණය කළා. සැමවිටම ගමේ සිටින එක්සත් ජාතික පක්ෂයේ සිට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටින නියෝජිතයා දක්වා සියලු දෙනාගේ ‍රජාතන්ත්‍රවාදී තීරණ මත එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. එක්සත් ජාතික පක්ෂ නායකත්වය 2025 වසර වන විට රුවන් විජේවර්ධන මහතා ් වන්නේ දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින්.
බංකොලොත් දේශපාලන කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂ රජය සමග ඩීල් දේශපාලනයක නිරත වන බවට චෝදනා එල්ල කරන ආකල්පය සිහිපත්ව රුවන් විජයවර්ධන මහතා කිසිදු ලෙසකින් එක්සත් ජාතික පක්ෂය වත්මන් රජය සමඟ ජාතික ආණ්ඩු නිර්මාණය කිරීමට කටයුතු නොකරන බව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ද තීරණය කර ඇති බව පැවසුවා.
මහනුවරට පැමිණි රුවන් විජයවර්ධන මහතා දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තා. අනතුරුව මල්වතු විහාරයට ගොස් සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත් විජයවර්ධන මහතා මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම මාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
අනතුරුව අස්ගිරි මහා විහාරයට ගොස් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් ද හමු වී ආශිර්වාද ලබාගත් රුවන් විජයවර්ධන මහතා අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී අති පූජ්‍ය මැදගම තමන්නා හිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. එහිදී උන්වහන්සේ විසින් මෙරට කෘතහස්ත දේශපාලඥයන් වන ඩී ඇස් සේනානායක ජේ ආර් ජයවර්ධන නායකයින්ගෙන් පරම්පරාවට උරුම කම් ඇති රුවන් විජයවර්ධන මහතා ඉදිරි කාලයේදී රටේ නායකත්වය ලබා ගැනීමට සූදානම් විය යුතු බවත් ඒ සඳහා අස්ගිරි පාර්ශවයේ පූර්ණ ආශීර්වාදය හිමිවන බවත් සඳහන් කරමින් කෙටි අනුශාසනාවක් ද සිදු කිරීම විශේෂත්වයක්.
අනතුරුව රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මා නාහිමියන් හමු වී උන්වහන්සේගේ සුවදුක් විමසුවා.