ඉම්රාන් ඛාන්, අගමැති සිහිනයට ළං වෙයි

ඉදිරි වසරේ පැවැත්වෙන මැතිවරණය ජයග්‍රහණය කොට පාකිස්තානයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා වීමට අපේක්ෂා කරන බව එරට විපක්ෂ දේශපාලනඥ ඉම්රාන් ඛාන් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ නවාස් ශරීෆ් බලයෙන් පහ කිරීමේ සිය ව්‍යාපාරය සාර්ථක වීම හේතුවෙනි.

ඉස්ලාමාබාද් නුවර දී අද ඔහු කියා සිටියේ 20 වසරක් දේශපාලනයේ නිරත වූ තමා මේ මොහොතේ පාකිස්තානයේ නායකත්ව මෙහෙවරට බෙහෙවින් ළං වී සිටින බවයි.