නිරුවත සොයා සැරිසරන ඔබත් e-රස්තියාදුකාරයෙක්ද?

ශ්‍රී ලංකාව යනු සදාචාරසම්පන්න, ආචාරශීලි මිනිසුන් සිටි ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන රටක් වශයෙන් අප කව්රුත් කුඩා කල සිටි ඉගෙනගෙන ඇති කරුණකි. නමුදු මෑත වසර 10ක පමණ කාලයක සිට ඉතා සීග්‍රයෙන් ශ්‍රී ලාංකීය සමාජය පිරිහීමේ දොරටු විවර කරගෙන සිටී ඊට එක් මාධ්‍යක් ලෙස සමාජ ජාල භාවිතයේ ඇති අල්ප දැනුම ලෙස හැදින්විය හැකිය. එහි අවභාවිතාව ඉහළ නගිමින් තිබේ. ශ්‍රී ලංකාවේ 2016දී කරන ලද ගණනය කිරීම් අනුව ලක්ෂ 60ක් අන්තර්ජාලය භාවිතා කරන අතර විදේශගත ශ්‍රි ලාංකිකයන්ගේ ප්‍රමාණය ලක්ෂ 30ක් පමණ වේ. මොවුන්ගෙන් 98%ක්ම සමාජ ජාල භාවිතා කරන්නන්ය. එමෙන්ම දිවා රාත්‍රී සයිබර් අවකාශයේ ඔබ මොබ යමින් කෙනෙකුගේ නිරුවත සොයන පිරිසද ඉතා විශාලය. ඒ අනුව Google සමාගම විසින් SEX යන වචනය සොයන රටවල් වලින් පලමු තැනේ පදක්කම ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කොට ඇත. මේ තරම් සමාජශීලී, සදාචාරසම්පන්න මිනිසුන් සිටින නිරුවත්ව ඉපිද නිරුවත්ව මිය යන බව ආගමානූකූලව ඉගෙනගත් ශ්‍රී ලාංකීය ජාතිය මෙසේ පිරිහුනේ කෙසේද යන්න සොයා බලන්නට වටින කරුණකි.

මේ වන විට ලක්ෂ 51ක් මුහුණු පොත එහෙමත් නැත්නම් facebook භාවිතා කරන අතර එහි 20% පමණ ව්‍යාජ ගිණුම්ය.ඒ මුහුණු පොත පමනී. තවත් මේ අකාරයේ ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය සමාජ ජාල අඩවි තිබේ. එනම් twitter, linkedIn, Gogole Plus, VK යනාදියයි. දිවා රාත්‍රී දෙකෙහි තම අතැති ජංගම දුරකතනයෙන්, ටැබ් යන්ත්‍රයෙන්, පරිගණකයෙන් ඔබ මොබ ගමන් කරන පිරිස ඉතා ඉක්මණින් වැරදිදේ උකහා ගන්නට වෙරදරයි. බොහෝ දෙනෙක් තම කාන්සිය පාළුව මකාගන්නට මුහුණ පොතට පැමිණෙන බව අපි කව්රුත් පිළිගන්නවා ඇත. මේ අතර e-රස්තියාදුකාරයන්ද සිටිනු ඇත. මේ නිසා ගොසිප් එහෙමත් නැත්නම් ඕපාදූප කලාවේ ඇති වෙබ් අඩවි වලට ඉතා ඉහළ ඉල්ලුමක් ලාංකිකයන් තුල නිර්මාණය වී ඇත. මේ සියළු කොට්ඨාශ සමඟ කතා බහකොට එළඹගත් නිගමනය නම් ඔවුන් යම්කිසි මානසික ව්‍යාකූලත්වයකින් හා ආතතියකින් පෙලෙන පිරිසක් වීමය. ඔවුන් කෙසේ හෝ අනෙකාව පොළඹවා ගනිමින් තම අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීමට ආශා කරන පිරිසකි. නමුත් අවසානයෙ තමන්ද ඉතා පහත් මානසිකත්වයක් ඇති පුද්ගලයකු ලෙස සමාජ ගත වේ යන්න ඔවුන් නොදන්නා කරුණකි.

මෑත භාගයේ හොදම උදාහරණය ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සහ ප්‍රසිද්ධ මාධ්‍ය ජාල ප්‍රධානීයකගේ බිරිදක නිරුවත් විඩියෝ කිහිපයක් සමාජ ජාල ඔස්සේ සමාජගතවීමය. මෙය මෙසේ සීග්‍රයෙන් සමාජය පුරා පැතිරුණේ කෙසේද ? කෙනෙකු මෙය විවේචනය කරන්නට විය, කෙනෙකු රස කරමින් බලන්නට විය, තවත් කෙනෙකු මේ ගැන තම මුහුණු පොතේ ඉතා ඉහළ රසාස්වාදයක් ඇති දෙයක් බවට කතා කරන්නට විය. නමුත් ඔවුන්ගෙන් කිසිම දිනෙක තමන්ගේ නැගණියක, ඥාතිවරියකි, සහෝදරියක අන්තර්ජාලයේ නිරුවත්වනවාට අකමැති පිරිස විය හැකිය.

අනුනගේ කුණු හොයන, අනුන් සමාජ ජාල තුල නිරුවත් කරන්නට, වෙන්නට පෙර සිතිය යුතු කරුණක් අවධාරණය කරමි. මා මේ පුද්ගලයාගෙන් බලාපොරොත්තු වන තාවකාලික සතුට කුමක්ද, හැදිනගෙන දින කීයද, මොහු මගේ ජීවිතයට කෙසේ කැළලක් කරයිද? යන ප්‍රශ්ණ තමන්ගෙන් ඇසිය යුතුය. එමෙන්ම බොහෝ අය අනතුරේ වැටෙන්නේ තමන්ගේ නොදැනුවත්කම හා මෝඩකම නිසාය. තම සිත් තුල රදවාගෙන සිටින කාම සිතුවිලි අන්තර්ජාලයේ හසුවූ අයෙකු ඉදිරියේ ඉතා ඉක්මණින් බෙදාගැනීමට මොවුන් ඉදිරිපත් වන අතර එහි අහිතකර ප්‍රතිඵල කෙසේ තමන් වෙත ලැබේද යන්න ඔවුන් සිතන්නේ තම ජීවිතයට අවැඩක් අකටයුත්තක් සිදු වූ පසුවය. මේ නොදැනුවත්කම කාන්තා පිරිමි දෙපාර්ශවයටම පොදු වූ දෙයකි. මේ පිළිබඳ බොහෝ පර්යේෂණ සිදුකර ඇති අතර බොහෝ අපේ සහෝදරියන් ඉතා ඉක්මණින් කෙනෙකු විශ්වාස කිරීමට පෙළඹෙයි. ඔහු හොද අයෙකු වුවහොත් හොදය නරක කෙනෙකු වුවහොත් ඔබට අත්වන ඉරණම ඉතා ශෝචණීයය. එවැනි දෙයින් පීඩාවට පත්ව සියදිවි හානිකරගත් පාසැල් ශිෂ්‍යාවන් හා තරුණියන් අපේ රට තුළ සිටි බවට ඔබ දැනටමත් නොදන්නවා විය හැකිය. ඔබේ කුඩා වින්දනීය ආශ්වාදය තව කෙකුගේ ජීවිතය නැති කරයි නම් එය කොතරම් පාපකාරීද?

ඒ නිසා අන්තර්ජාලය අපි භාවිතා කරන විට ආචාර ධර්ම (Ethics) සිහියේ තබාගත යුතුය. සමාජජාල තුල සත්තකින්ම ඔබව පාලනය කිරීමට කිසිවකු නැති බව සැබෑය. නමුත් ඔබ තවකෙකුට දෙන්නට වෙරදරන පීඩාව ගැන තම අත්මයෙන් දෙපාරක් විමසා බැලිය යුතු කරණකි. මසැසින් පමණක් නොව මනසින්ද විග්‍රහ කර බලන්න. බොහෝ පිඩාකාරී දෑ සිදුකරන පුද්ගලයන් ජීවිතයේ යම් දිනෙක තම ජීවිතයද පීඩාවට ලක්කරගන්නා බව නොලියාම බැරිය. එය ස්වභාව ධර්මයෙන් නිරායාසයෙන්ම සිදුවන්නකි. එමනිසා ජීව විද්‍යාත්මකව මානවයින් ලෙස සෑමකෙනෙක්ම නිරුවත් බව වටහා ගෙන, ඒ නිරුවත සමාජ ව්‍යසනයක් දක්වා ගෙනයා හැකි කෙනාට කරුණු පැහැදිලි කරදී තමන්ගේ ආදරණීයන් රැකගැනීමට අප කවුරුත් කැපවිය යුතු කාලයක් එළඹ ඇත. සෑම සියළුදෙනාම සමාජ ජාල ඔස්සේ කළ හැකි සමාජ මෙහෙවර තේරුම් ගනී නම් අපේ රටත් ජාතියත් මීට වඩා ඉහල තලයකට අපට ඔසවා තැබිය හැකිය. හැකිතාක් ඔබ අවට සිටින්නන් දැනුවත් කරන්න. එය සමාජ සේවයකි.

සටහන - පුලා