හදවත් ඇති මිනිසුන් වශයෙන් මීට වඩා අප මේ ගැන සිතිය යුතුය.

වර්තමානයේ සිදු වන දූශන පිලිබඳව රටක් වශයෙන්,රජයක් වශයෙන්,සමාජයක් වශයෙන් අප ගත යුතුම පියවරන් ගත යුතු කාලයක් අද අපි ගත කරමින් සිටී. ගැහැනියට අද සමජ වටිනාකමක් සහිත පසුබිමක් ලාංකික සංස්කෘතිය තුල එම සමාජය විසින් නිර්මාණය කර දී ඇත්ද යන්න ප්‍රෙහෙලිකාවකි.අද වන විට ස්ත්‍රීයකගේ ලිංගිකත්වය සමාජය තුල ගැටලුවක් වෙමින් පැවතීම ඔබත් මමත් දන්න පොදු රහසකි..

එවැන්නක් සිදු වන්නෙ පුරුශයාට තම ලිංගිකත්වය පිලිබඳව පවතින අපැහැදිලි තාවය නිසා ද යන්න අදටත් තේරිම් ගත නොහැකි ගැටලුවකි.
පුරුශයාට ලිංගිකත්වය යනු කුමක්ද යන්න නිවැරදිව වටහා දීම ආරම්භ කල යුත්තේ කොතැන් සිට ද?
ලිංගිකත්වය යනු ස්ත්‍රියකගෙන් බලහත්කාරයෙන් ලබා ගත යුතු දෙයක්ද?
ස්ත්‍රීයකගේ ශරීර භාශාව නිර්මාණය වී ඇත්තේ ලිංගිකත්වය සදහා ම පමන ද?
එතැනින් ඔබ්බට ගිය වටිනාකමක් පුර්ශීය මනසක් තුල ඇති වීම සිදු නොවන්නක් ද?
සිය ලේ ධාතුවෙන් උපදින තම දියනිය සමගම යහන් ගත වීමට උත්සහ දරන පුරුශයන් අද සමාජයේ බිහි වෙමින් පවතින්නේ කාගෙ වරදකින් ද?

ගැහැනියකගේ නිරුවත හාස්‍යට ලක් කරමින් මෙසේ හැසිරෙන පිරිමි දැනගත් යුතු කරුනකි, අතීතයේ අපට සිටියේ කාන්තාවකගේ නිරුවත, එසේ නැතහොත් ස්ත්‍රියකගෙ සිරුර,ඒ තුල ඇති නිර්මානත්මක අවයව රසවිදිය යුත්තේ කෙසේද යන්න නිසි අවබෝධයකින් වගේම නිවැරදි මනසකින් හෙබි පිරිමින් ය.ඒ තුලින් බිහි වූයෙ කලාවට,සාහිත්‍යයට අපූර්ව වූ කලාත්මක නිර්මාන පමනි.

නමුත් අද බිහි වෙමින් පවතින්නෙ ගැහැනිය නිරුවත් කර ඇය අපයෝජනය්ස් වන අකාරය ඇතුලත් විස්තරාත්මක ලිපි පමනි.
මෙ සියලු කරුනූ උකහා බලන විට ලිංගික අධ්‍යාපනය මෙන්ම රටේ නීතිය පිලිබඳව අදාල බලධාරීන් නිසි අවධානය යොමු කල යුතු නොවේ ද?
සමාජය දිනෙන් දින පිරිහෙමින් තිබෙන අද වගේ යුගයක තමන්ගේ කියන ස්ත්‍රීයක් මහ මග තනිව ගමන් කිරීමටවත් තරම් සුදුසු පරිසරයක් ඇත්ද යන්න ඔබ ඔබගෙන්ම විමසන්න. එවැනි පරිසරයක් නිර්මානය වීම සදහා ඔබත් දායක වී තිබේ ද?

සැබවින්ම රටක් පාලනය කිරීම සදහා බොහෝ පුද්ගලයින් පත් වී තිබුනත්,සමාජයක වගකීම කුමක්ද යන්න නිසි අයුරින් වටහා ගැනීමට තරම් මනසක් ඔව්නට නොතිබීම ජනතාව වශයෙන් අප සියලු දෙනාගේ අභාග්‍යයයි..රට තුල ගැහැනිය නැමැති කොට්ටශය ආරක්ෂා කිරීම සදහා ඔවුන් විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද යන්න විමසුවහොත් ගොලු වනවා සිකුරුය,.අසාධාරණයක් ,අපරාධයක් ,දූෂණයක් සිදු වූවහොත් ඒ වෙනුවෙන් අපේ රටේ ඇති වගකීම කොයි වගේද කිය ඇසුවහොත් ඔවුන් නැවත්ත් ගොලූ වේවි..

ඇත්තටම අපි පාලකයන් වෙත ඇගිල්ල දිගු කිරීමෙන් විසදුමක් බලාපොරොත්තු විය හැකි ද?
නීති මගින්, දඩුවම් මගින් යම්තාක් දුරට මෙම අපරාධ සිදු නොවුවද සැලකිය යුතු ප්‍රතිශතයක් ස්ත්‍රී දූශන,ලමා අපචාර සිදු වෙමින් පවතී.නීති දාන්න වෙහෙසෙනව වගේම ඇයි බැරි නීති වලින් තොර නිදහස් සමාජයක් මිනිසුන්ට උරුම කරල දෙන්න.බෑ, එහෙම කරන්න බැ.මොකද අපිට තියෙන්නෙ වල් වැදුනු සමාජයක් නිසා.

එතකොට අපි උත්සහ කරන්න ඔන වල් වැදුනු මිනිස් මනස් විනශ කිරිම නොවේ ද?නිති සම්පාදනය කරන්න වගේම වෙහෙසක් මිනිස්සුන්ගෙ මනස හදන්නත් වෙහෙසක් දරනවා නම්, එම උත්සහය දැක තවත් එවැනි උත්සහවන්ත පුරුක් බිහි වනවා නොඅනුමානය.අපි හොදාකාරවම දන්නවා ඇතැම් සංවිධාන මගින් ව්‍යාපෘති දියත් කරමින් ගමින් ගමට ගොස් ලමා අපචාර, දූශන, පිලිබඳව මිනිසුන් දැනුවත් කිරීමෙ මෙහෙවරන් සිදු වෙමින් පවතී.අදාල අංශ ඒවැන්නන් වෙත අවධානය යොමු කිරීම සිදු කල යුතු යුගයකි අප මේ පසු කරන්නෙ. නමුත් එසේ සිදු වන්නෙම නැති තරම්.

ලමා අපචාර පිලිබඳව ගතහොත් ගැහැනු දරුවන් පමනක් නොව,පිරිමි දරුවන් ද මෙලෙස දූශිතයන්ගේ ගොදුරු බවට පත්වීම පහු ගිය කාල සීමව තුල බෙහෙවින් අසන්නට ලැබුනු පුවතකි.

මෙවැනි සිද්ධීන් ඔබට අපට අසන්නට දකින්නට ඉඩ අවකාශය ලැබී ඇත්තේ මාධ්‍ය තුලින් ය..නමුත් ඔබ මොහොතකට සිතුවාද?
ලැජ්ජව,ගෞරවය හේතුවෙන් එවැන්නක් සිදු වූවත් ඒව වසං කරගනිමින්,වේදනාවෙන්,ඇතැම්විට මුලු ජීවිතයෙන්ම වන්දි ගෙවමින් අදටත් ජිවත් වෙන මිනිසුන් ඉන්නවාය කියා. ඔව් ඉන්නව.තවමත් ඔවුන්ගේ හුස්ම වැටෙනවා. නමුත්, ඔවුන් නිහඩයි. ගැහැනු දරුවෙකුවූවත්,තරුනියක වූවත් එවැනි අපරාදයකට මුහුන දීමෙන් පසුව අපරාධයකරු වෙත දඩුවම් දීමෙන් ඇති වන සෙතේ කුමක් ද?
අපි මිනිස්සු. අපේ මනස හරිම උසස් දෙයක්. අපරාධයක්,දූශනයක් සිදු වූ විට සිදු කල යුත්තේ අනෙ අපොයි කියමින් ඒ වෙලාවට පමනක් කම්පා වීම පමන ද? එහෙම නැත්නම් ඒ මිනිස්සුන්ගෙ කතන්දරය සමජ ජාලා ඔස්සි දිග හරිමින් ඔවුන්ගේ ඔවුන්ගේ ආත්මය කා දැමීම ද? එතකොට හරි ද?
හදවත් ඇති මිනිසුන් වශයෙන් මීට වඩා අප මේ ගැන සිතිය යුතුය.
අදත්,හෙටත්,ඉදිරියටත් මෙවැනි ලිපි දහසක් බිහි වේවි.නමුත් විසදුමක් ලැබේවිද?
ගැහැනියත් සමග දූශිත හැගීම් පමනක් සමග බැදුනු තාවකාලික හැගීම් වලට වහල් වූ මිනිසුන් පිරි සමාජයක ගැහැනු දරුවෙකුට ජීවිතයක් දීමට ඔබටත් මටත් හැකි ද?
සිතන්න..

- මීලි