සංනිවේදනයට අළුත් වූ ටෙලිග්‍රෑම්

මීට දශක කිහිපයකට පෙර අප ක්ෂණික සංනිවේදන මාධ්‍යක් ලෙස ටෙලිග්‍රෑම් භාවිතා කලෙමු. ඉතා ඉක්මණින් පණිවිඩයක් කෙනෙකුට ලබාදෙන්නට තැපැල් කාර්යාල හාරහා සිදුකරනු ලැබූ ටෙලිග්‍රෑම් ඔබට මතක ඇති. දැන් මේ කියන්න යන්නේ ඒ ටෙලිග්‍රෑම් ගැන නොවේ. මේ තමයි අළුත්ම සංනිවේදන මාධ්‍යක් වූ සුහුරු ජංගම දුරකථනයේ එහෙමත් නැත්නම් ස්මාර්ට් ජංගම දුරකථනයට එක්වෙන අළුත්ම ඇප් එකක් වූ ටෙලිග්‍රෑම් ඇප් එක.
ටෙලිග්‍රෑම් ඇප් එක Telegram App එක Android, iPhone, iPad, Windows ස්මාර්ට් දුරකථන හා ටැබ් සදහා භාවිතා කළ හැකිය. එමෙන්ම පරිගණක සදහාද මෙම ඇප් එක භාවිතා කිරීමේ ඉඩ ලබාදී ඇත. මෙය මීට වසර 6කට පෙර නිපැයුම් සිදුකිරීමට පටන් ගත්තද ජනප්‍රිය වූනේ ඉතා මෑතකදීය. වින්ඩොස්, ඇපල් මෙන්ම ලිනක්ස් පරිගණක පද්ධති සදහාද මෙය ඉතා පහසුවෙන් ක්‍රියාකරයි.

මෙහි වැඩිවිස්තර www.telegram.org වෙබ් අඩවිය ඔස්සේ දැකගත හැකිය.

මෙහි ඇති වාසි ලෙස Telegram නිෂ්පාදකයින් සදහන් කරන්න‍ෙ
1. පුද්ගලිකත්වය ආරක්ෂාකිරීම.
2. ඕනෑම Device එකකින් භාවිතා කළ හැකිවීම.
3. අනෙක් සංනිවේදන මාධ්‍ය වලට වඩා වේගයෙන් වැඩිවීම.
4. ලෝකය වටා ජාලකරණය වී ඇති පද්ධති පිහිටා ඇති නිසා ආරක්ෂාව හා වේගවත්බව ඉතා ඉහළවීම.
5. කිසිදු සීමාවක් පනවා නැති නිසා මාධ්‍ය හා චැට් කිරීම උදෙසා භාවිතාකිරීම පහසුවීම.
6. ඉතා ආරක්ෂාකාරීව ලෝකයේ කොහේ හිටියත් සංනිවේදනය කරන්නාට පණිවිඩය රැගෙන යෑම.

ඔබත් මෙහි විශේෂත්වය අත්විදින්න.

පුලස්ති වන්නිආරච්චි
ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු සහ ඩිජිටල් අලෙවිකරණ උපදේශක