ව්‍යාජ පුවතක් හඳුනාගන්නා අාකාරය

පුවත් සහ විවිධ මාතෘකා යටතේ සමාජ මාධ්‍ය තුළ පළවන වාර්තා තම මිතුරු මිතුරියන් සමග බෙදා ගැනීමට (share) බොහෝ දෙනෙක් කැමැත්ත දක්වති. සමාජ මාධ්‍ය තුළ විවිධ දෑ පළ කිරීම සඳහා බලපාන හේතු එකිනෙකට වෙනස්ය. කාලීන පුවතක්, සිත් ඇදගන්නා මාතෘකාවක්, තමන් කැමති රංගන ශිල්පියෙකු පිළිබඳ පුවතක් හෝ සිනහවට තුඩු දෙන වීඩියෝ දර්ශන බොහෝ දෙනෙකු විසින් සිය සමාජ ජාල තුළ නිතර පළ කරනු (share) ලබයි. එසේ නමුත් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අප දකින හෝ කියවන සියලු පුවත් සත්‍ය සහ නිවැරදි නොවේ. ව්‍යාජ පුවතක් පළ කිරීමෙන් පසු සෙසු පුද්ගලයන් එමගින් නොමග යා හැක. ශ්‍රී ලංකා පුරවැසියන්ට වීසා බලපත්‍ර නොමැතිව ඇමරිකාවට ඇතුළු වීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් ලබා දී ඇති බවට පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තාව ඊට කදිම උදාහරණයකි. ලාංකිකයන්ට වීසා දීම ගැන ඇමෙරිකානු තානාපති කාර්යාලය එවැනි වාර්තා ව්‍යාජ පුවත් (Fake news) ලෙස හඳුන්වනු ලබන අතර ඒවා සමාජය තුළ ගැටලු ඇති කරවීමට හේතු විය හැක.
 
 ව්‍යාජ පුවතක් යනු?

ව්‍යාජ පුවත් වර්ග දෙකකි සත්‍ය නොවන යමක් පිළිබඳ ජනතාව අතර විශ්වාසයක් ඇති කිරීමේ අරමුණින් හෝ වෙබ් අඩවි වෙත වැඩි අවධානයක් යොමු කරවා ගැනීම සඳහා ඇතැම් පිරිස් සිතාමතාම ව්‍යාජ පුවත් පළ කරති. ඇතැම් වාර්තාවල යම් සත්‍යයක් තිබුණ ද ඒවා සම්පූර්ණයෙන් නිවැරදි වාර්තා නොවේ. උදාහරණ: පුවතක් පළ කිරීමට ප්‍රථම මාධ්‍යවේදීන් හෝ බ්ලොග් ලේඛකයන් විසින් ඊට සම්බන්ධ කරුණු පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු නොකිරීම හෝ කරුණු උලුප්පා වාර්තා කිරීම.

 “ව්‍යාජ පුවතක්” ව්‍යාජ පුවතක් නොවන අවස්ථා සත්‍ය පුවතක් වුවත් එය පිළිගැනීමට සූදානම් නොමැති පුද්ගලයෙකු හෝ යම් කිසි කණ්ඩායමක් විසින් සත්‍ය පුවතක් ව්‍යාජ පුවතක් ලෙස හුවා දැක්විය හැක. යම් කිසි කරුණක් සම්බන්ධයෙන් වෙනස් මතයක් දැරීම හේතුවෙන් සත්‍ය පුවතක්, ව්‍යාජ පුවතක් ලෙස හැඳින්වීමට ඇතැම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කටයුතු කිරීමට ඉඩ ඇත. ව්‍යාජ පුවත් පළ කිරීම දිනෙන් දින ගැටලුවක් බවට පත් වෙමින් තිබේ. Grey line ව්‍යාජ පුවත්වල බලපෑම පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණය සමයේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් පළ වූ දැඩි සමාජ අවධානයක් ලද එක් පුවතක් ඊට එක් උදාහරණයකි. සිය රිපබ්ලිකන් ඡන්දදායකයන් යනු “යමක් නිවැරදිව වටහාගත නොහැකි පිරිසක්” ලෙස එවකට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි බොහෝ දෙනෙක් වාර්තා කොට තිබිණි. නමුත් ඔහු කිසි දිනක එවැන්නක් පවසා නොමැත. ජනාධිපතිවරණයේ ට්‍රම්ප් ගේ ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් ද එවැනි ව්‍යාජ පුවත් පළ කොට තිබිණි. ව්‍යාජ පුවත් හේතුවෙන් මැතිවරණ සහ දේශපාලනය කෙරෙහි පවතින ජනමතයට බලපෑමක් එල්ල විය හැක. 

ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද?

ව්‍යාජ පුවතක් පළ කිරීමෙන් ගැලවී සිටීම සඳහා වැදගත්වන කරුණු කීපයකි. අදාළ පුවත වෙනත් අයකු විසින් පළ කරනු ලැබ ඇත්දැයි සොයා බැලීම අදාළ පුවත ගුවන් විදුලියේ, රූපවාහිනියේ හෝ පුවත්පතක පළකොට ඇත්දැයි සොයා බැලීම අදාළ පුවත පළ කරනු ලැබ ඇති ආයතනය හෝ ෆේස්බුක් පිටුව පිළිබඳ මීට පෙර අසා තිබේද? අදාළ පුවත පළ කරන ලද වෙබ් අඩවියේ විශ්වසනීයත්වය ඡායාරූප හෝ වීඩියෝ දර්ශනවල ස්වභාවය (ඇතැම් විට සංස්කරණය කරන ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් ව්‍යාජ පුවත් පළ වේ) අදාළ පුවත විශ්වාස දනවන සුළු දැයි යන්න සිතාබැලීම ඉහත කී කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි නම් එවැනි පුවතක් පළ කිරීමෙන් වැළකී ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලිය හැක.

- BBC