මුහුණු පොත භාවිතයේදී ඔවුන්ගේ සමාජීය ප්‍රමිතීන් කඩ නොකරන්න - ඔබගේ ගිනුම අවහිර වීමෙන් වලක්වාගන්න

Facebook ආයතනය විසින් දක්වා ඇති වෛරී ප්‍රකාශ, කෙනෙකු හෝ සමාජයක් ඉල්ලක කර ප්‍රචාරය කරන දෑ ඉවත් කිරීම ඔවුන්ගේ සමාජීය ප්‍රමිතීන්ගේ (Community Standards) එක් අදියරයකි. එය ඔවුන් පහත සදහන් ආකාරයෙන් දක්වා ඇත. එය මුහුණු පොත භාවිතයේදී සැමට වැදගත්වේ.
Facebook removes hate speech, which includes content that directly attacks people based on their:
Race - වාර්ගිකත්වය
Ethnicity - ජනවාර්ගිකත්වය
National origin - ජාතික සම්භවය
Religious affiliation - ආගමික අනුබැඳිය
Sexual orientation - ලිංගික හැඩගැස්ම
Sex, gender, or gender identity, or - ලිංගික හැසිරීම්, ස්ත්‍රී පුරුෂභාවය හෝ ලිංගික අනන්‍යතාවය
Serious disabilities or diseases - බරපතළ ආබාධ හෝ රෝගාබාධ

ශ්‍රී ලංකාවේ පරිගණක ආශ්‍රිත අපරාධ සම්බන්ධ නීතියෙන් ජාතික ආරක්ෂාවට නීතිය බලපැවැත්වෙන ආකාරය ගැන මෙසේ සටහන් කරමි. 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත සම්මත කිරීමට ව්‍යවස්‌ථාදායකයට සිදු විය. මේ පනත පැනවීමේ අරමුණ ලෙස එහි පූර්විකාවේ සඳහන් වන්නේ "පරිගණක අපරාධ හඳුනා ගැනීම පිණිස සහ එවැනි අපරාධ විමර්ශනය කිරීම සහ වැළැක්‌වීම සඳහා නෛතික ක්‍රියාමාර්ගයන් සැලසීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්‌වීම සඳහා වූ පනතක්‌" වශයෙනි.
පරිගණක ආශ්‍රිත වැරැදිවල දී ජාතික ආරක්‍ෂාව ආදියට එරෙහි ව කරනු ලබන වැරැදි පිළිබඳව පනතේ 6 (1) වගන්තිය යටතේ දක්‌වා තිබේ. එනම් යම් පරිගණකයකට හිතාමතා ම යම් කර්තව්‍යයක්‌ ඉටු කිරීමට සැලැස්‌වීමෙන් සහ එයින් යම් හානියක්‌ වන බව දනිමින් හෝ එසේ විශ්වාස කිරීමට කරුණු ඇති ව එයින් (අ) ජාතික ආරක්‍ෂාවට (ආ) ජාතික ආර්ථිකයට (ඇ) මහජන ආරක්‍ෂාවට හානි සිදු කිරීම හෝ ආසන්න ම හානියක්‌ සිදු කිරීමට සලස්‌වන්නා වූ යම් තැනැත්තකුට අවුරුදු පහකට නොවැඩි කාලයක්‌ සඳහා දෙයාකාරයෙන් එක්‌ ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ යුතු බව සඳහන් කර තිබේ. මේ වගන්තිය යටතේ වූ නඩුවක දී වඩාත් වැදගත් කරුණ වන්නේ අන් අවස්‌ථාවල මෙන් විත්තිකරුට අදාළ පරිගණකයට පිවිසීමට නීත්‍යනුකූල බලයක්‌ තිබුණේ ද නැද්ද යන්න සලකා නො බැලීමයි.

ශ්‍රී ලාංකිකයන් ලෙස අපි මේ ව්‍යසන අවස්ථාවේදී පමණක නොව අන් අයට වෛර කරන්නට, අපේම අයට අපහාස කරන්නට මුහුණු පොත යොදා නොගනිමු. අපට අහිමි වූ බොහෝ දෑ ලබාගැනීමට ආකල්පමය වෙනසක් රටේ ඇති කරන්නට මුලපුරමු. මුහුණු පොතේ සුළු පිරිසක් ඉතා වටිනා කියන දෑ, ඔවදන් පලකරන අතර වැඩි පිරිස සොයන්නේ අනුන්ගේ ඕපාදූපය. මේ රටවා වෙනස් කිරීමට මුලපිරය යුත්තේද ඔබය.

ඔබට එය කලහැකියි. විශ්වාස කරන්න ඔබේ මුහුණු පොත එයට හොද තෝතැන්නකි. ජීවිත යහමඟට ගන්නට, ජීවිත ජීවත් කරවන්නට අපි අපේ වැරදි අඩුපාඩු හදාගෙන රට වෙනුවෙන් අපට හැකි දේ කරන්නට මුහුණු පොත භාවිතා කරමු. අපි අපේ රටේ ආදරණීයන්ට බුද්ධියක් ඇති ආචාරශීලී මිනිස්සු විදිහට සලකමු.

- පුලස්ති වන්නිආරච්චි
ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලෙවිකරණ උපදේශක