චමරි අතපත්තු ලකුණු 178ක් ලබාගන්න හතරේ පහර 22ක් හා හයේ පහර හයක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තවත් තරගයක් අද (29) මේ වනවිට පැවැත්වෙනවා. එහිදී පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 257ක් ලබාගන්නා ලදී. එහිදී නොදැවී ක්‍රීඩා කළ ආරම්භක පිතිකාරීනී චමරි අතපත්තු ලකුණු 178ක් ලබාගන්නා ලද්දේ හතරේ පහර 22ක් හා හයේ පහර 6 ද සමගයි. ඇය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර එක්දින තරගයක දී ශතකයක් රැස් කළ පළමු ම ක්‍රීඩිකාවද වනවා. 2010 වසරේ දී අයර්ලන්තයට එරෙහිව ලකුණු 111ක් රැස් කරමින් ඇය මේ වාර්තාව තැබුවා.