නීති‍විරෝධි මත්පැන් බෝතල් 75ක් සමඟ කතක් අත්අඩංගුවට

මොරගහහේන පොලිස් වසමේ වැල්මිල්ල ප්‍රදේශයේ දී මොරගහහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර නීතිවිරෝධි මත්පැන් බෝතල් 75 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකාරිය වයස අවුරුදු 40 ක් වු වැල්මිල්ල ප්‍රදේශයේ පදිංචිකාරි‍යකි.
සැකකාරිය හෙට(03) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර තිබේ.
මො‍රගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.