සයිටම්, දේශපාලනය, වෛද්‍ය සංගමය, විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, රෝගීන්

සයිටම් යනු නෙවිල් ප්‍රනාන්දු නම් ඒ බඩගෝස්තරවාදීයා විසින් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට පෞද්ගලීකරණය එකතු කරන්න එදා දුටුගැමුණු ලෙස රටට පෙනී සිටීමට උවමනා උනු 21 වන සියවසේ ලංකාවෙ පාලනය කරන ලද මහින්ද රාජපක්ෂ නම් පාලකයා විසින් නිර්දේශ කරන ලද පෞද්ගලික විශ්වවිද්‍යාලයකි. ඒ තුළින් තමාගේ අභිමානය පසක් කරන ඕනෑම අයෙක්ට ශිෂ්‍යත්ව ලබා දීමටත්,තම චන්ද ව්‍යාපාරයට මුදල් සොයා ගැනීමටත් ඔහු යොදා ගනු ලැබූ අතිසාර්ථක ක්‍රමය වූයේ මෙයයි.මේ සඳහා කෝටි ගණනක මුදලක් ගෝඨාභය රාජපක්ෂ, රාජිත සේනාරත්න, එස් බී ... ඇතුළු මන්ත්‍රී වරුන් තම කුට්ටිය බදා ගත්තේද රට ගැන සිතා නොව තම දේශපාලන වියදම් ගැන සිතාම පමණි. මෙහිදී අධ්‍යාපන කරගෙන යෑම සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගත් අතර එහිදී පෞද්ගලික රෝහලක් ලෙසෙ ලංකාවේ පාඩු ලැබූ නෙවිල් ප්‍රනාන්දු රෝහල සියලුම වෛද්‍ය පහසුකම් අනිත් රෝහල් වලට සාපේක්ෂව අඩු මිලක් පෙන්වා රෝගීන් ඇද ගනිමින් කූට ලෙස වැඩි මුදලක් අය කරගත්තේය.
 
රෝගීන් නොසිටි තැන ඩමි කපා අධ්‍යාපනය සිදු කළ ඔවුන් දැනට වසර තුනක උපාධිධාරීන් පිටතට යවා ඇත. එදා නිහඩව කට පියන් හිටපු වෛද්‍ය සංගමය අද මේ ආණ්ඩුවට බනිමින් ලොකු රංගනයක යෙදේ. සත්‍ය වශයෙන්ම සයිටම්හි දැනට පවතින ක්‍රමය වෙනස් විය යුතුය. නමුත් අවුරුදු 13ක් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය වසර 5ක් ලංකාවේ රජය වෛද්‍ය උපාදිය සඳහා ඉහළම වියදම දරා මොවුන් රටට දායද කළෙය. රජයන් ඒ සඳහා මුදල් යෙද වූයේ කොහෙන්ද? වේලක ඇර වේලක් කන ලංකාවෙ 69%ක්වූ අසරණ තුන්වන පංතිය නියෝජනය කරන අන්ත අසර්ණ අහිංසක මිනිස්සුන්ගේ බහුතර මුදලිනි. රජයේ රෝහල් වලට බෙහෙත් ලබා ගන්න පැමිණෙන්නේද මේ 69%ක් වූ අහිංසක මිනිස්සුන් ය. තනිකරම මේ කන්න දීපු අත සපා කෑමකි. මම වෛද්‍යවරයෙක් මහ ලොකුකම් දාන සැප වාහන වල ඔබ දාන ගෙම්බර් මේ මිනිස්සුන්ට අදාළ නැත. මන්ද මව් කිරි වල ණය ගෙවීමට ඔබට නොහැකි සේම මේ අහිංසක දෙමව්පියන්ගේ සුසුමට ඔබ ණයකරුවෙක් නිසාය. ඔවුන්ගේ දරුවන්ගේ හෙම්බිරිසාවට බෙහෙත් වේලක් නොමැතිව හඩා වැලපෙද්දී මේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මත් පැන් පානය කර කා බී බජව් නටන්නේ නිලවරණයකට මුවා වීය. ඒ හෙළිකරන මාධ්‍ය පවා විවේචනය කරමින් වෛද්‍යවරුන් පමණක් මේ ලෝකෙ පාලනය කරනවා යැයි සිතමින් ලොකුකම් පාන්නේ අඩි 100පොළවට උඩින් ගමන් කරමින්‍ ය. හරියට 2008 පොට්ට වී සිටි අයට දැන් ඇස් පෙනීම ලැබිලා වගේය.

සැබෑ ලෙසම මේ වෙනුවෙන් හැගීමෙන් හඩ නගන විශ්වවිද්‍යාල ශිෂ්‍යයො මෝඩය ලෙස හංවඩු ගහද්දිත් තමන්ගේ අනාගත පරපුර වෙනුවෙන් නහින්නේ නිදහස් අධ්‍යාපනයරැක ගැනීමේ වැදගත්කම නිසාය. නමුත් සහෝදරයයනි රාජ්‍ය දේපළ විනාස කිරීමටද ඔබට අයිතිය දුන්නේ කවුරුන්ද??? අවසානයේදීත් කියමි. S3ක් නොමැති කෝටි ගණන්වලට විකිණෙන ප්‍රමිතියකින් තොර සයිටමයට මා සීයට ලක්සවාරයක් විරුද්දය. .....

සටහන: හිමාෂි සමරක්කොඩි.......