බලාගෙනයි ඔබේ මුහුණු පොත ඔබට නොදැනීම හැක්වේවි.

ඔබට පහත සදහන් ආකරයෙන් Link එකක් ඔබේ Messenger එකට කවරෙකු හෝ එව්වොත් එය Click නොකිරීමට වගබලාගන්න. එහි සදහන් වන්නේ ඔබේ නමින් Page එකක් එහෙමත් නැත්නම් පිටුවක් සදා ඇති බවය. එය බැලීමට එසේ Click කළ පසු එම වෙබ් අඩවියද facebook ලෙස දිස්වේ. ඔබ ඔබේ මුරපදය යෙදු පසු ඔබේ ගිණුම හැකර් අතට පත්වේ. ඔබේ සියළු ආරක්ෂක විදිවිදාන ඔවුන් වෙනස් කරනවා ඇත. ප්‍රවේශම් වන්න.
මේකට අපි පරිගණක ආරක්ෂණයේදී කියන්නේ Phishing Attack කියලා. මෙහෙදි සිදුවන්නේ තමන් සිටින සමාජ ජාල අඩවියට සමාන අඩවියක් ඒ ඔබට ගිණුමට Log වෙන්න. එහෙමත් නැත්නම් ගිණුමට ඇතුලුවන්න භාවිතා කරන මුල් පිටුව සත්‍ය වෙබ් අඩවිය මෙන් සැකසීම. මෙහිදි ඔබේ මුහුණු පොතේ සිටින මිතුරෙකු විසින් ඔබට මෙවැනි ආකරයේ Link එකක් එවන්නට පුළුවන්. එවිට ඔබ වහා කලබල වී එය Click කර ඔබේ මුරපදය Password Logging Details තොරතුරු ලබාදුන් පසු ඔවුන්ගේ Database දත්ත ගබඩාවක එය තැන්පත් වෙනවා. එම තොරතුරු යොදාගෙන ඔබේ ගිණුම ඔවුන් අත්පත් කරගෙන ඔබේ ගිණුමේ මුරපදය Password, දුරකථන අංකය Phone Number, විද්‍යුත් ලිපිනය email address වෙනස්කර ඔවුන් සතු කරගනී. මෙවැනි දෙයක් ලැබුණු විට අදාල වෙබ් අඩවියේ ලිපිනය දෙස බලන්න. දකින්න වෙන්නේ www.facebook.com ලෙස නොවේ. නැවත    ඔබට ගිණුම ලබාගැනීමට Facebook ආයතනයට දැන්වීමට සිදුවෙනවා. ඒ් සදහා වෙහෙස වෙන්නට සිදුවන නිසා මෙවැනි Link Click කිරීමෙන් වලකින්. මේ වන විට මුහුණු පොතේ සිටින තාක්ෂණික පිරිස් පවා මෙවැනිදේට රැවටී ඇති බව මා ඔබට පවසනවා. ඒ නිසා කල්පනාකාරී වන්න. දකින දකින හැම Link එකම Click කරන්න යන්න එපා.

(පුලස්ති වන්නිආරච්චි - ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ හිටපු අධ්‍යක්ෂ)