හෙරොයින් කිලෝ 3ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

රාජගිරිය පොලිස් වසමේ කොස්වත්ත පාර, නෙලුම් පෙදෙසට හැරෙන හන්දිය අසළදී හෙරොයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 257ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ රාත්‍රියේ (28) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 40120ක මුදලක් ද පොලිස් බාරයට ගෙන ඇත.
ත්‍රිරෝද රථයේ සිටි සැකකරුගෙන් වැඩිදුරටත් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව තවත් සැකකරුවෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර කලුපාවල ප්‍රදේශයේ පිහිටි නිවසක සිටියදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 10ක් සමඟිනි.
සැකකරුවන් වයස අවුරුදු 35ක් වු බොරැල්ල හා රාජගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
ඔවුන් අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.