කැළණි සරසවියේ කැමරා ගැලවු සිසුන් 4ක් අද අධිකරණයට

කැළණිය විශ්වවිද්‍යාලයේ සී.සී.ටී.වී කැමරා බලහත්කාරයෙන් ගලවා දැමු බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනෙකු අද (28) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර ඉන් 12 දෙනෙකු කිරිබත්ගොඩ පොලිසිය විසින් පොලිස් ඇප මත මුදා හැර තිබුණි.
සිද්ධියට ඝෘජුවම සම්බන්ධ සෙසු සැකකරුවන් සිව්දෙනා අතර කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමිද වේ.
අදාළ සී.සී.ටී.වී කැමරා පද්ධතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.