ජාත්‍යන්තර රූප රාජිණිය වූ ශ්‍රී ලංකාවේ යුගානි

මෑතකාලයේ ජාත්‍යන්තර රූප රැජිණ කිරුලක් ශ්‍රී ලංකාවට දිනා දුන් යුගානි විදුෂිකා ගුණතිලක සමග අප පිළිසදරකට එක්වුණා. ඇය නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම නිවේදිකාවක් ලෙසද දසකම් පෙරහර පාන්නියක්.

මුල්ම පාසැල ගැන කිව්වොත්?


සෙලින්කෝ සසෙක්ස් විද්‍යාලයෙන් තමයි මුලින්ම අධ්‍යාපනය හැදෑරුවේ.

දැනට රැකියාවක් කරනවාද?

ඔව් දැනට කොළඹ රමාඩා සංචාරක හෝටලයේ විධායක ශ්‍රෙනියේ රැකියාවක් කරනවා.

ඔබට ඇති, ඔබ හදුනාගත් කුසලතා මොනවාද?

මන් හිතන්නේ මට ඔනම තැනක භය නැතුව කතා කරන්න පුළුවන් කියලා විශ්වාස කරනව ඒවාගෙම ගායන හැකියාව පොඩි කාලයෙ ඉද්ලම ටිකක් පුලුවන්.

ඔබේ පවුලේ විස්තර ටිකක් කියන්න.

මට ඉන්නෙ අම්ම තාත්ත මල්ලි විතරයි. අම්ම විද්‍යා ගුරුවරියක්. තාත්ත පෞද්ගලික සමාගමක ඉහල තනතුරක් දරපු කෙනෙක්. තාත්තා දැන්  විශ්‍රාමිකයි. මල්ලි පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක්.

ඔබ තරුණියක් විදිහට රටට බෙහෙවින් ආදරය කරන චරිතයක්, රටේ වත්මන් තරුණ ප්‍රජාව ගැන ඔබට හිතෙන විදිහ කිව්වොත්.

මන් හිතන්නේ අපිට ඉන්නෙ ගොඩක් වටින තරුණ තරුනියන් පිරිසක් මොක්ද කිවොත් සමජයෙ තිබ්බ ගොඩක් ප්‍ර්ශ්න වලට එකමුතු වෙලා වැඩ කරපු අවස්ථා අපි පහුගිය කලයෙ දුටුවා. හැබැයි හොද නායකත්වයක් ලැබුණොත් ඔවුන් රටේ ලොකු දෙයක් කරන්නට යොදාගන්න පුළුවන්.

ඔබ දැනට විවෘත විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරන්නියක්. ඔබේ උපාධි පාඨමාලව ගැන කිව්වොත්?

ඔව් දැනට මම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයේ BA in English Literature (Hons Sp) උපාධිය හදාරනවා අවසන් වසරේ, ඒවාගෙම මම මගේ අනිත් උපාධිය Proffesional Qualification in HR මානව සම්පත් කළමනාකරණය උපාධිය හදාරනවා.

බොහෝ විට අපි දකිනවා නිරූපණ ක්ෂේත්‍රයේ යෙදෙන තරුණ තරුණියන් අධ්‍යාපනයට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඇයි ඔබ අධ්‍යාපනයට විශේෂ කැමැත්තක් දක්වන්නේ කිව්වොත්.

ඒක මගේ ගෙදරින් ආපු දෙයක් කියලා හිතනවා. කොහොම උනත් ඉගෙනීම කොයි ක්ෂේත්‍රයටත් වටිනවා.

ඔබට තිබූ අභියෝග ජයගත් ආකාරය ගැන ක්ෂේත්‍රයේ තරුණ තරුණියන්ට දෙන අවවාදය කුමක්ද?

හැම විටම තමන්ව විශ්වාස කරන්න. අම්මලා තාත්තලා කියන දේවල් අහන්න. කෙටික්‍රම වලට යන්නෙ නැතුව හරි ක්‍රමයෙන් ජයග්‍රහණය කරන්න. එක තමයි වටින්නෙ හැමදාම.

දැනට ඔබ දිනාගත් ජයග්‍රහණ ගැන කිව්වොත්.

මම ලබපු ලොකුම ජයග්‍රහණය තමයි පිලිපිනයේ තිබ්බ ලෝකා තරගයෙන් ලංකාවට දෙවැනි ස්ථානය ලබාදීමට ඉදිරියට තවත් තරග කරන්නට බලාපොරොත්තු වෙනවා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද? රට වෙනුවෙන් කරන්න හිතාගෙන ඉන්නේ මොනවාද?

රට වෙනුවෙන් මට කරන්ඩ පුළුවන් ඕනෑම දෙයක් මම කරනවා ඒවාගෙම ස්වේච්ඡා සංවිධාන රැසකට දායක වෙලා මේ වෙද්දී මම වැඩ කරමින් යනවා.

ඔබට මෙතෙක් ජීවන ගමන එන්නට උරදුන් උදව් කළ අයද මතක් කරමින් රටට දෙන්න තියෙන පණිවිඩයක් තියෙනවා නම් ඒකත් මතක් කලොත්.

මගේ අම්මා තාත්ත මගේ මල්ලි ඒවාගෙම මගේ ජාත්‍යන්තර අධ්‍යක්ෂක මයුමි ශ්‍රීමාලි මහත්මිය. එයාල තමයි මගේ ජීවිතය වෙනස් කරපු පිරිස.

හැමෝටම කියන්ඩ තියෙන්නේ පුළුවන් තරම් මිනිස්සුන්ට උදව් කරන්න. කරුණාව දක්වන්න.

හොඳින් ජීවත් වුණොත් අපි හැමදාමත් සතුටින් එහෙම නැතිනම් ජීවිතය විඳින්නේ නැතුව විඳවන්න වෙන්නේ.
 
- වැඩිවිස්තර වෙබ් අඩවිය.