ලන්ඩනයේ ඇතිවු ගින්නෙන් මියගිය අයෙකුගේ ඡායාරූප ලබාගත් පුද්ගලයා හිරේ

ලන්ඩනයේ දින කිපයකට පෙර ඇතිවු ගින්න හේතුවෙන් පුද්ගල මරණ කිහිපයක් වාර්තාව තිබිණි.

මෙම මියගිය පුද්ගලයෙකුගේ ඡායාරූප ලබාගෙන සමාජශාලා වෙබ් අඩවියක ප්‍රසිද්ධ කිරිම නිසා පුද්ගලයෙකු සිරගත කරඇති බව විදෙස් මාධ්‍යවල සඳහන්ව තිබේ.

Omega Mwaikambo නම් වන මොහු ඡායාරූප ගනණාවක් සහ විඩියෝ පටයක් ෆේස්බුක් හරහා මුදාහැර තිබේ.

විදෙස් වාර්තා වලට අනූව මොහු මෙම ඡායාරූප ලබා ගැනීම සඳහා සිරුර වසා තිබු ආවරණය ඉවත්කොට මෙම ඡායාරූප සහ විඩියෝ පටය ලබාගෙන ඇති බව කියවේ.

මෙම වරද හේතුවෙන් මොහු අත්ඩංගුවට ගෙන ඇති අතර පසුව නිතිය හමුවේ ඔහු වරද පිලිගෙන ඇත.

පොදු ඉලේක්ට්‍රොන සන්නිවෙදන ජාල අනිසි භාවිතය සහ තවත් කරුණු කිහිපයක් යටතේ මෙම පුද්ගලයා මාස 3ක සිර දඩුවමකට නියමකර ඇති බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබුනි.