අයි සී සී ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (14)

අයි සී සී ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය, සත්කාරක එංගලන්තය සහ පාකිස්තාන කණ්ඩායම් අතර අද(14) පස්වරුවේ පැවැත්වේ.

ඒ, කාඩිෆ්හි සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගණයේදීය.

එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලියේ පළමු වටයේදී ඒ කාණ්ඩයෙන් තරග කළේය. එහිදී සහභාගි වූ තරග තුනම ජය ගනිමින් එංගලන්තය මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස අවසන් පූර්ව වටයට පිවිස ඇත.

බී කාණ්ඩයෙන් තරග වැදුනු පාකිස්තානය තරග තුනකට සහභාගි වී ඉන් තරග දෙකක් ජය ගත් අතර ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ බී කාණ්ඩයේ දෙවැනියා ලෙසය.

ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසියක් එංගලන්ත කණ්ඩායම සතු බව ක්‍රිකට් විචාරකයන් පෙන්වා දෙයි.