ජීවන්ගේ - ජීවා ඇරඹෙයි


ප්‍රවිණ නළු , චිත්‍රපට නිෂ්පාදක ජීවන් කුමාරතුංග අධ්‍යක්ෂණය කරනු ලබන කුළු`දුල් සිනමා පටය වූ —ජීවා˜ මුහුරත් උළෙල පසුගියදා කිංස්බරි හෝටල් පරිශ්‍රයේදී විශාල ආරාධිතයින් පිරිසක් මධ්‍යයේ දී සිදු කෙරිණ. සිංහල සිනමා කර්මාන්තයට එක්වන නවතම චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන තිකෝ ෆිල්ම්ස් වෙනුවෙන් තිළිණි ප්‍රියමාලි සම`ගින් ඉසුරු බණ්ඩාර මෙයට නිෂ්පාදන දායකත්වය දක්වා ඇත. ජීවන් කුමාරතුංග , සංගීතා වීරරත්න , ක්ලීටස් මෙන්ඩිස් , මීනා කුමාරි , කැ`ළුම් ආර්යන් , ධර්ශන් ධර්මරාඡ් , ගයාන් මාපලගම , කුමාර රණේපුර , ජීවන් හ`දුන්නෙත්ති , ආනන්ද අතුකෝරළ ඇතුළු පිරිසක් ජිවා ස`දහා රංගන දායකත්වය දක්්වා ඇත. ති්‍රශ+ලදීප තඹවිට කැමරා අධ්‍යක්ෂණයෙන්ද, චන්දන එදිරිසිංහ සහය අධ්‍යක්ෂණයෙන් ද දනුෂ්ක හුලංගමුව අංග රචනයෙන්ද , වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂණයෙන්ද , සංගීත අධ්‍යක්ෂණයෙන් සුනිල් ධර්මසේන ද , කලා අධ්‍යක්ෂණයෙන් සරත් සමරවික්‍රම ද ,මාධ්‍ය සම්බන්ධීකරණයෙන් ඇන්ටන් ඡේ. ප්‍රනාන්දු ද, නිෂ්පාදන කලමණාකරණයෙන් සුසන්ත කැලූම්ප්‍රිය සම`ගින් චාමර උපේක්ෂිත එක්වන ජීවා තිර රචනය කැලූම් ආර්යන්ගෙනි.






ඡායාරූප - සීතන් ගුණවර්ධන