මමත් මනුස්සයෙක් ගැහැණියක් නිසා ලියමි... - හිමාෂි සමරක්කොඩි

විද්‍යා විශයධාරාව හදාරා විශ්වවිද්‍යාලයට ගොස් විද්‍යාවේදී  උපාධිය  අවසන් කර උපාධිය ලබා ගැනීම fb එකේ අනුන්ගේ ජීවිත වලට චරිත සහතික දෙමින් post දමා ඔවුන්ගේ ජීවිත වලට සුදු කලු seal දාන එක තරම් පහසු කාර්‍යක් නොවේ. එය සැබැවින්ම දන්නේ එක දවසක් හෝ තමන්ගේ අනාගතය වෙනුවෙන් තමන්ගේ දෙමවුපියන්ගේ  සුසුමට සාධාරණයක් ඉටු කරන්න වෙහෙස වූ අයෙක්ම පමණි.

යකඩ රෝදෙටයි රේල් පීල්ලටයි තමන්ගේ ජීවිතය බිලි දෙන්න තරම් ඇයගේ මනස කඩා වැටුනේ  මන්ද?

මමත් මේ සමාජයේ ජීවත් වන්නා තවත් එක ගැහැණියකි. ඒ නිසාවෙන්ම මා හට මේ share වන photo කියන කතා වේදනාවකි.

කිසිදු අයුරකින් මා suiside කර ගැනීම නිවැරදි යැයි නොකියමි. එය සැබැවින්ම මා ප්‍රතික්ෂේප කරමි.

නමුත් කිව යුතු කාරණා 2කි.

  1. මට මේ අවුරුදු 22ක කාලය තුල ජීවිතය තුළ සටන් කරන්නට ගත් කාලය තුළදී(අවුරුදු 19න් පසුව) ජීවිතය එපා යැයි සිතූ අවසථා මා හට දෙක තුනක් පමණක් නොවීය.

හදවතට වේදනාව දරා ගත නොහැකි වූ විට පපුව ගලවා දමා විසි කරන්නසිතුනි.

කිසි දෙයක් නෝතේරුනු ඔළුව ලෝදිය කකාරන ජලය බදු විය.

ජීවත් විය නොහැකි යැයි සිතුනත් මා මම සමඟ සටන් වැද මගේ මනස පරාජය කර බුද්ධිය  ජය නොගත්තේ නම් මා ද අද මැය ගිය තැනමය.

  1. අද ඇයගේ මෝඩ තීරණය, ආදරයෙන් පරාද වෙන්න ඇති. මෝඩ ගෑනි, ඉගෙන ගත්තට මොළේ  නෑ, ළමයෙක් ලැබෙන්න ඉන්න ඇති "

වගේ කියන ගොඩක් පිරිමි ඇත්තටම ඒ දෙයක්නම් හේතුව එයට හේතුවක් වූවේද පිරිමියා යන වග නොදන්නේය.

කතා පිට කතා හදා ගැහැණියක් ඉදිරියට යනවා බලා සිටිය නොහැකි පිරිමි ඒ කාන්තාවට නිර්වචන ලබා දී ඇයට කර ගැරහුම් ඉවසනවා කියන දෙය මරණය තරම් පහසි කාර්‍යක් නොවේ. (අත්දෑකීමෙන් මා එය දනිමි)

පිරිමින්ට වෛර කිරීමට පවා සිතන තැන් බොහෝයි. මගේ පියා පිරිමියෙක් නොවෙන්න පිරිමි ජාතියටම වෛර කරන්නට සිතෙන තැන් බොහෝය.

කොල්ලෙක් සමඟ සම්බන්ධයක් ඇති කර ගත් කළ "බඩුවක්" යැයි නිර්වචනය කරන ගැහැණියව එසේ සම්බන්ධයක් නැති විට ඇගේ හැගීම් ගැහැනුන් කෙරෙහිය යැයි පවසන පිරිමි සිටිනා සමාජයකි. එමෙන්ම නරියන් මිදි තිත්තයි කියන්නාක් මෙන් තමන්ගේ කර ගත නොහැකි විටද පිරිමින් එසේමය.

ඊටත් එහා ගිය කළ තමා අභිබවා කාන්තාවක් යන්නේ නම් පසුපසින් සිටින කාන්තාව ඇය ද කාන්තාවක් යන වග අමතක කර ඇයට කරනා දෙය ගැන අමුතුවෙන් කිව යුතු නැත.

නැවතත් කියමි මා සියදිවි නසා ගැනීම අනුමත නොකරමි.

නමුත් ඇයට මෙසේ චරිත සහතික දීම හා ඇගේ පින්තූර මෙසේ පළකිරීම හෙළා දකිමි.

අක්කෙ මම ඔයාව අදුරන්නේ ද නැත.

නමුත්

ඔබට යළිත් ආත්මභාවයක්දී මෙසේ මානසිකව පීඩා විදින්න නො ලැබේවායි පතමි.

 රටේ දුප්පත් මිනිස්සුන්ට සේවය කරන්න ලැබේවායි පතමි!!!!!!!!

නිවන් සුව සොයුරියනි.........

අද මැයට බනිනා පිරිමි මෑතකදී තවත් ගැහෑණියකගේ චරිතයට video බලා නිර්වචන දුනි. ඇය මෙම තීරණය ගත්තානම්.? වෙනස ඇය ප්‍රසිද්දයි. මැය එසේ නොවෙයි.

වෙලාව ආවාම ගල් ගැසීමට බලා සිටිනා නිවට පිරිමින් සිටිනා සමාජයේ ඔවුන්ට ගැහැණිය හැමදාම වින්දනීය භාණ්ඩයකි.

නමුත් මගේ අම්මාද කාන්තාවකි යන හැගීම ඇති පිරිමින් ඇයව ආරාක්ෂා කරයි යන්නද කිව යුතුමය.

ජීවත්ව සිටිනා නැගණියනි , කාන්තාවනි,සොයුරියනි,.......

මතක තබා ගන්න මේ ලේකෙට දරුවෙක් බිහි කරන්නේ කාන්තාවන් වන අපය. ස්වාමියා දරුවා යන කුටුම්භය තුළ අප තරම් කැප වෙන්නෙක් තවත් නැත.

එවන් ශක්තිමත් කාන්තාවක් කිසිදු තැනකදී මෙම තීරණය නොගන්නේය.

මානසික ශක්තිය අතින් අප සැමවිටම ඉදිරියෙන්‍ ය. දින 28කට වරක් අපේ ඇගේ ශක්තිය දිය වී ගියත් අප කරන කාර්‍යන් නවතන්නේ නැත. කළු ගල් සමඟ පවා හැප්පෙන කාන්තාවන් සිටිනා සමාජයක අපේ කායික ශක්තිය දුර්වල යැයි කීම ප්‍රතික්ෂේප කරමි.

අපි අපි වෙනුවෙන් ජීවිතය දරාගමු.

ගල් ගැසීමට බොහෝ දෙනෙක් සිටියි නමුත් අත දීමට සිටින්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයකි.

සටහන- හිමාෂි සමරක්කොඩි 
            තොරතුරු තාක්ෂණ පීඨය
            මොරටුව විශ්වවිද්‍යාලය .