ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිය මංත්‍රින්ගේ මංත්‍රි ධූරයන් අහෝසි වේවි - ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක මීට පෙර ආණ්ඩුවට සහය පළ කළා. ඉකුත් දා එස්. බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්තී‍්‍රවරුන් ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරවලින් පාර්ලිමේන්තුවට පිවිස පක්ෂය මාරු කළ මන්තී‍්‍රවරුන්ට එරෙහිව පළමුව පියවර ගැනීමට තීරණය කර ඇතිබව, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර කියා සිටියේය. ඔහු සඳහන්කලේ  එම ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර තම පක්ෂය සතු මන්තී‍්‍රධූර බවයි.   ජනාධිපතිවරණය කල් දැමීමේ බලාපොරොත්තුවක් ජනාධිපතිවරයාට නොමැති බවත් ජනාධිපතිවරණය නිසි වේලාවට පැවැත්වෙනු ඇති බවත් මෙහිදී සඳහන් කෙරුණා. එළඹෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කළ යුතු බවට ද දිගින් දිගටම යෝජනා ඉදිරිපත් වෙමින් ඇතැයි පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර කියා සිටියා.

මේ අතර ශ‍්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජි්කත්වය ලබා ගත් එස්. බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්තී‍්‍රවරුන් සිය ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර යළි ලබා දීමට කටයුතු කළ යුතු බවයි.