සැප්තැම්බර් 10 වෙනිදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට - මැතිවරණ කොමිසමේ සභාපති

ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට මේ මස 10 වැනි දිනෙන් පසුව මැතිවරණ කොමිසන් සභාවට බලය හිමිවන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. ඒ අනුව එම දිනෙන් පසුව ජනාධිපතිවරණයට අදාලව නාමයෝජනා කැඳවීම ඇතුළු අනෙකුත් කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවද ඔහු කීය. මේ අතර ජනාධිපතිවරණය නොවැම්බර් මස අවසන් සතියේ සෙනසුරාදා පැවැත්වෙනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.