දිවයින හරහා සුළගේ වේගය විටින්විට පැ.කි.මී. 50 දක්වා වැඩිවේ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව

දිවයින හරහා විශේෂයෙන් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත් සුළගේ වේගය විටින්විට පැ.කි.මී. 50 දක්වා වැඩිවේ යැයි බලාපොරොත්තු වේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 27 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (02)දහවල් 12.11ට මහවැව, අලලුව, කඩහපොල, උහුමීය, කන්දෙනුවර, ගිරාඳුරුකෝට්ටේ සහ පෙරියනීලවනෙයි යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.