දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩි වීමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩි වීමක් හෙට දින (අගෝස්තු මස 28) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. අනුරාධපුරය දිස්ත්‍රික්කයේ සිහින් වැසි ඇති විය හැක. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක. උතුරුසහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 27 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (28)දහවල් 12.12ට නච්චිකුඩා, මුරකණ්ඩිය, ආලංකුලම, පිරප්පුවේද්දුවන් යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.