දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත්, සුළගේ වේගයේ වැඩිවීම විටින් විට හමන පැ.කි.මී. 60-70 දක්වා - කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ වැඩිවීම (විටින් විට හමන පැ.කි.මී. 60-70 දක්වා) සහ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 50 දක්වා වැඩි වීමක්ද බලාපොරොත්තු වේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු පළාතෙත් බදුල්ල සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ නුවර එළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද, බස්නාහිර සහ දකුණු පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.