ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ තවත් රැස්වීමක් අද (22)කොළඹ නෙළුම් මාවතේදී.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ තවත් රැස්වීමක් අද (22) පැවැත්වීමට නියමිතයි. කොළඹ නෙළුම් මාවතේ පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වෙනු ඇති.  එහි අරමුණු පැහැදිලි කරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ කියා සිටියේ වෙනත් දේශපාලන පක්ෂ රාශියක් මේ වන විට සිය පක්ෂය සමග සාකච්ඡා කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡාවක් මෙහිදි සිදු කෙරෙන බවයි. තවද පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය පිළිබඳව සහ එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට සිදුව ඇති බරපතල බෙදීම තුළ එජාප කණ්ඩායම් වියරු වැටී දේශපාලන කටයුතුවල නියැලෙන හෙයින් ඒ සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කෙරෙන බවයි සඳහන් කළේ. ජනාධිපතිවරණයේදී මන්ති‍්‍රවරුන් විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක්ද අද පැවැත්වෙන රැස්වීමේදී හදුන්වා දෙනු ඇතැයි මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. මේ අතර ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් කොළඹ තරු පන්තියේ හෝටලයක ඊයේ (21) පැවැත්වුණා. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ද මන්ත්‍රිවරු පිරිසක් මෙම විශේෂ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයට සහභාගි වී සිටි බවයි දේශපාලන ආරංචි පැවසුවේ. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නම් කෙරුණු හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂද ඊට සහභාගි වී සිටි බව දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවා.