පක්ෂය වෙනුවෙන් කරූ මෙහෙයුමක

එළ­ඹෙන ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී එක්සත් ජාතික පක්ෂය ජය­ග්‍ර­හ­ණය කර­වීම සඳහා සියලු පාර්ශ්ව ඒක­රාශි කිරී­මට මූලි­ක­ත්වය ගන්නා ලෙස ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ­යන්, එජා­පය සමඟ සන්ධා­න­ගත වීමට බලා­පො­රොත්තු වන පක්ෂ නාය­ක­යන් හා වෘත්තීය සංගම් ප්‍රධා­නීන් ඇතුළු පිරි­සක් කථා­නා­යක කරූ ජය­සූ­රිය මහ­තා­ගෙන් ඉල්ලීම් කර ඇති බව එජා­ප­යට සම්බන්ධ ආරංචි මාර්ග සඳ­හන් කරයි.
මේ නියෝ­ජි­ත­යන් පසු­ගිය දින කිහි­ප­යේ­දීම කථා­නා­ය­ක­ව­රයා හමු වී මේ සම්බ­න්ධව සාකච්ඡා කොට ඇති අතර, අත්දැ­කීම් බහුල පරි­ණත නාය­ක­යකු හා පක්ෂයේ සෑම තරා­ති­ර­ම­කම සාමා­ජි­ක­යන් අතර පිළි­ගැ­නී­මක් ඇති චරි­ත­යක් ලෙස මේ සම්බ­න්ධ­යෙන් මැදි­හත් වන මෙන් මෙලෙස ඔහු වෙත ඉල්ලීම් ඉදි­රි­පත්ව ඇත.
එළ­ඹෙන දින කිහි­පය තුළ තවත් සාකච්ඡා වට කිහි­ප­යක්ම පැවැ­ත්වී­මට නිය­මිත අතර, එක්සත් ජාතික පෙර­මු­ණෙන් ඉදි­රි­පත් කරනු ලබන ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­කයා කවු­රුන්ද යන්න සහ පෙර­මු­ණක් ලෙස ජන­ප­ති­ව­ර­ණය ජය­ග්‍ර­හ­ණය කිරී­මට ගත යුතු පිය­වර පිළි­බඳ සාකච්ඡා කිරීම මේ සාක­ච්ඡා­වල අර­මුණ බවද ඒ ආරංචි මාර්ග­වල දැක්වේ.