ග්‍රෑන්ඩ් පාස් ඝාතනයන්ට තවත් 5ක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස්, මාදම්පිටිය කනත්ත අසළදී පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවන් 5ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් ත්‍රි රෝද රථයකින් පළා යමින් සිටියදී වත්තල, හුණුපිටිය ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සොයා ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරයි.
මෙම ඝාතනය සම්බන්ධයන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අලුත්කඩේ අංක 6 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 23 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.