ඇසළ පෙරහරින් ජාතික ආරක්ෂාව තහවුරු බව ඔප්පු වුණා

මහනුවර ඇසළ පෙරහර සාර්ථකව පැවැත්වීමට අවස්ථාව ලැබුණ බවත් රටේ ජාතික ආරක්ෂාව තහවුරුව තිබෙන බව එයින් ඔප්පු වූ බවත් පොලිස් මාධ්‍යය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වීමෙන් පසු මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී අද (15දා) පැවැති මාධ්‍යය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරන්තරව විමසා බැලූ බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ආරක්ෂක ලේකම්වරයා මහනුවරට පැමිණ ඒ පිළිබඳ සොයා බැලූ බවත් ඔහු සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයට ඍජුව සම්බන්ධවූ සියලු දෙනා මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට වක්‍රව සහය දුන් පිරිස් අත්අඩංගුවට ගැනීමට මේ වන විට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.