මියන්මාරය හා ශ්‍රි ලංකාව අතර සෟජු ගුවන් සේවයක්

මියන්මාර් රාජ්‍ය අතර පවත්නා සංස්කෘතික, ආගමික හා ආර්ථික සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා දෙරට අතර සෘජු ගුවන් ගමන් සිදු කිරිමට කටයුතු කිරිමට සැලසුම් කරන බව මියන්මාරයේ ශ්‍රි ලංකා තානාපති නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසිය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මියන්මාරයේ . මධ්‍යම ආගමික හා සංස්කෘතික අමාත්‍ය තුරා යූ අවුන්ග් සහ මියන්මාරයේ ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් හමුවි සිදු කළ සාකච්ඡාවකදිය.
තානාපති නන්දිමිත්‍රා ඒකනායක මහතා ථේරවාදී බුද්ධාගම පදනම් කරගත් දෙරට අතර පවත්නා මිත්‍ර සබඳතා අගය කළ අතර ශ්‍රී ලංකාව වෙත ලබා දුන් ආගමික සහයෝගීතාවයට අවංක ස්තූතිය පළ කරමින් ඇත්දළ පහක්, බුද්ධ ප්‍රතිමා සහ ඒ හා සම්බන්ධ ස්මාරක පරිත්‍යාග කිරීම, පූජනීය ධාතුන් වහන්සේලා වැඩම කරවිමට කටයුතු කිරීම ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ නමස්කාරය ආදියට අවස්ථාව සලසා දෙන ලෙසද ඉල්ලා සිටියේය. මෙම යෝජනාව ශ්‍රී ලංකාව - මියන්මාරය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ කොමිෂන් සභාවේ 3 වන සැසිවාරයේදී පැවති බව සාකච්ඡා කළ අතර එය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන ලෙස මධ්‍යම ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේය. මියන්මාර පාර්ශ්වය ද මෙම යෝජනාව පිළිගත් අතර දෙරට අතර සෘජු ගුවන් සම්බන්ධතාවයක් තිබීමේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ඉස්මතු කළේය.
ආගමික ක්‍ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ සහයෝගය අගය කරන අතරම, වනජීවී සංරක්ෂණය හා අලි ජාවාරම වැළැක්වීම පිළිබඳ දැඩි නීති රීති හේතුවෙන් මියන්මාරයේ පනවා ඇති බවද මෙහිදි අනාවරණය කළේය.
භාවනා / වන්දනාකරුවන් සඳහා කෙටි කාලයක් මියන්මාරයට පැමිණෙන ශ්‍රී ලාංකික භික්ෂූන් / බෞද්ධ බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා ස්ථානයක් / නිවසක් ඉදිකිරීමේ අදහස තානාපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද අතර ඒ සඳහා මියන්මාර රජයෙන් අවශ්‍ය අනුමැතිය ඉල්ලා සිටියේය. මියන්මාර පාර්ශවය තානාපතිවරයාගේ යෝජනාව අගය කළ අතර ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට එකඟ විය
මෙම අවසථාවේදි තානාපතිවරයා සහ අමාත්‍යවරයා අතර තිලිණ හුවමාරුවක්ද සිදු වු අතර තානාපති කාර්යාලයේ නිලධාරින් අමාත්‍ය කාර්ය මණ්ඩලය ඇතුලු පිරිසක් එක්වි සිටියහ.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)