එජාප‌යෙන් මේ සතියේ තීන්දුවක්

එක්සත් ජාතික පක්ෂය එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් මේ සතියේ පවත්වන බවත් ඉදිරි සති දෙක තුළ සෙසු පක්ෂ සමඟ සන්ධාන ගත වීම ස්ථිර බවත් එක්සත් ජාතික පක්ෂ ප්‍රකාශකයෙක් පැවසීය.

එම සාකච්ඡා වට අතුරින් පළමු සාකච්ඡාව ලබන අඟහරුවාදා එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සහ එම පක්ෂය සමඟ සන්ධානගත වීමට යෝජිත පක්ෂ නායකයන් අතර පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවේ ප්‍රගතිය මත තවත් සාකච්ඡා වට කිහිපයක්ම මෙම සතිය තුළ පැවැත්වීමට නියමිතය. එහිදී යෝජිත සන්ධානය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති අදහස් සහ යෝජනා සැලකිල්ලට ගැනෙන ඇති බවත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මෙන්ම පසුපෙළ මන්ත්‍රීවරුන්ගේද අදහස් එහිදී සැලකිල්ලට ගැනෙනු ඇති බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ වන විට පක්ෂයේ ඇතම් ජ්‍යෙෂ්ඨයන් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසුව සිදු කළ යුතු බවට යෝජනා කර ඇති අතර තවත් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් යෝජනා කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකයා නම් කොට යෝජිත සන්ධානය නිර්මාණය කොට මැතිවරණ කටයුතු ඇරඹිය යුතු බවය.