පළමු රන්දෝළි පෙරහැර අද

මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ 2019 ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙන බව මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප‍්‍රදීප් නිලංග දෑල පවසයි.
ඔහු සදහන් කලේ, රාත‍්‍රී 7.32 ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි.
ඊට සමගාමීව විශේෂ පෙරහැර ගමන් මාර්ගයක් ද ක්‍රියාත්මක අතර පෙරහැර නැරඹීමට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්‍ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර එළඹෙන 14 වනදා රාත‍්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
පසුදා අළුයම ඓතිහාසික ගැටඹේ තොටුපොළේ දී දිය කැපීමේ චාරිත‍්‍රයෙන් අනතුරුව 2019 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත්වෙනු ඇති.