ගාමණී සෙනරත් නිදොස් කොට නිදහස්

හම්බන්තොට ප්‍ර දේශයේ හෝටලයක් ඉදිකිරිම සඳහා ලිට්‍රෝ සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කරමින් මුදල් විශුද්ධීකරණ පනත යටතේ වරදක් කර ඇති බවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු පස්දෙනෙකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන්ව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනෙක් මීට පෙර නිදොස්කොට නිදහස් කළ අතර අද දිනයේදී ඉතිරි වගඋත්තරකරවන් තිදෙනා නිදොස් කොට නිදහස් කෙරිණි.