ප්‍රහාරය පිළිබදව තමන් කිසිදෙයක් දැනුවත්ව සිටියේ නෑ - රුවන් සාක්ෂි දෙයි

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යධූරය හිමි වුවත් තමාට ආරක්ෂාවට අදාළව කිසිදු දැනුමක් නොතිබුණු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
අද(06) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙහිදී කමිටු සමාජික ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ප්‍රශ්න කර සිටියේ රුවන් විජේවර්ධන මහතාට එම අමාත්‍යධූරය පිරි නැමීමට තිබු දැනුම කුමක් ද යන්නයි.
එම තනතුරේ කටයුතු කිරීමේ දී ආරක්ෂාව ගැන දැනුමක් තිබුණා නම් හොඳයි ද යන්නුවෙන්ද මෙහිදී සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කර සිටියේය.
එයට පිළිතුරු දෙමින් රුවන් විජේවර්ධන මහතා කියා සිටියේ, නිසැකයෙන්ම දැනුමක් තිබුණේ නම් හොඳයි, නමුත් තමාට ලබා දුන් රාජකාරී කටයුතු නිසි ලෙස කටයුතු කළ බව ද පැවසීය.
ෆොන්සේකා මහතා කියා සිටියේ ජනාධිපතිවරයා රටේ නොමැති අවස්ථාවක ඔහු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් නිසැකයෙන්ම ආරක්ෂාව පිළිබඳ දැනුමක් තිබීම අත්‍යාවශ්‍ය බවයි.
වසර 4 හමාරක් අමාත්‍යාංශයේ සිටීමෙන් තමා ආරක්ෂාව ගැන යම් අවබෝධයක් ඇති බවද පවසා සිටි රුවන් විජේවර්ධන මහතා පවසන විට සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ, ඉගෙන ගැනීමට එම කාලය ගත වු බවයි.
ආරක්ෂක අමාත්‍ය ධූරය සරත් ෆොන්සේකා මහතා බාර ගනු ඇතැයි රජය බලාපොරොත්තු වු බවද මෙහිදී රුවන් විජේවර්ධන මහතා පැවසීය.
කෙසේ වෙතත් සහරාන් පිළිබඳ තමා අවබෝධයෙන් සිටියේ, 2017 කාත්තාන්කුඩි ප්‍රශ්නයේ දී හඳුනා ගත් නමුත් ඔහු ත්‍රස්තවාදියෙක් බවට හඳුනා නොගත් බවත් රුවන් විජේවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.
ආරක්ෂක කවුන්සලය විසින් සහරාන් ගැන විරුද්ධව ගත යුතු පියවරක් ගැන නියෝගයක් ලැබුණේ ද යන්න පිළිබඳ මෙහිදී සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කිරීමේ දී රුවන් විජේවර්ධන මහතා කියා සිටියේ එයට අවශ්‍ය පියවර ගන්නා ලෙස පැවසු බවයි.