මහනුවර ඇසළ පෙරහැරේ ආරක්ෂාවට සියලු කටයුතු යොදා ඇති බව යුද්ධ හමුදාපති පවසයි

යුද්ධ හමුදාවේ අතිරේක භට පිරිස් යොදවමින් මහනුවර ඇසළ පෙරහැර සඳහා ආරක්ෂාව තහවුරු කිරීමට සියලු කටයුතු යොදා ඇතැයි යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා පොලීසිය සහ දළදා මාළිගාවේ සංවිධායක කමිටුව සමඟ එක්ව ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විජයබා පාබල රෙජිමේන්තුව විසින් ටොන් 6කට අධික කොප්පරා තොගයක් අද (29) උදෑසන දළදා මාළිගාවට සහ සිවුමහා දේවාල වලට පූජා කර අතර, වාර්ෂිකව සිදුකරන මෙම පින්කම අවස්ථාවේදී මාධ්‍යවේදීන් අමතමින් හමුදාපතිවරයා මේ බව පැවසීය.