රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය අගමැති ප්‍රධානත්වයෙන්

රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව කලාපයේ ජාතික සේවක සංගම් කාර්යාලය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) දින ඇඹිලිපිටියේදී සිදු කෙරිණි.
ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උළෙල ඇඹිලිපිටිය, මහවැලි ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර, ජාතික සේවක සංගම් කාර්යාලය විවෘත කිරීම ඇඹිලිපිටිය නගරයේදී පැවැත්විණි.
එම අවස්ථාවට දක්‍ෂිණ ලංකා ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නය, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.ඒ. විජේතුංග, හේෂා විතානගේ, එක්සත් ජාතික පක්‍ෂ ඇඹිලිපිටිය සංවිධායක පී. අබේනායක, ඉඩම් අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එච්. කරුණාරත්න යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ඉඩම් හිමිකම්පත් ලාභීන් රැසක් ද සහභාගීවි සිටියහ.