ගුවන්විදුලි කලාවේදීන් නිපදවන, 'ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා අභ්‍යාස ආයතනය'

ශ‍්‍රී ලංකාවේ ගුවන්විදුලි මාධ්‍ය පුහුණුව පිළිබ`දව යම් ප‍්‍රතිපත්තියක් අරඹන ලද්දේ 1949 ඔක්තෝබර් මස එවකට අධ්‍යක්‍ෂ ජනරාල් ජෝන් ලැම්ප්සන් විසිනි. රජයට ඉදිරිපත් කෙරුණු ප‍්‍රතිසංවිධාන සැලැස්මේ එක් අංගයක් වූයේ විධිමත් ගුවන්විදුලි පුහුණු වැඩපිළිවෙලක් ඇරඹීමයි. 1952 වර්ෂයේ කොළඹ ක‍්‍රමයේ කාර්මික සහයෝගිතා වැඩපිළිවෙල යටතේ ගුවන්විදුලි පුහුණු කටයුතු ආරම්භ කරන ලදි. 1952 දී බී.බී.සී. ගුවන්විදුලියට පුහුණුවීම ස`දහා ගුවන්විදුලි සංස්ථාවෙන් කණ්ඩායමක් යවන ලදි.
1966 ජුනි මස අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් වැඩ භාරගත් නෙවිල් ජයවීර මහතා අභ්‍යාස ආයතනයක් ඇතිකිරීමේ අවශ්‍යතාව වටහාගත්තේය. බි‍්‍රතාන්‍යයේ විදේශ සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ආධාර ඇතිව අභ්‍යාස ආයතන ගොඩනැගිල්ල ඉදිකොට අවශ්‍ය අභ්‍යාස උපකරණ ලබාගන්නට ඔහු සමත්විය. බී.බී.සී. ආයතනයේ උදව් ඇතිව විශේෂඥ පුහුණුකරුවකු වූ ස්ටුවට් වේවල් මහතා ලංකාවට ගෙන්වාගැණිනි. ඔහු ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා අභ්‍යාස ආයතනයේ ප‍්‍රථම අධ්‍යක්‍ෂවරයාය.
ජයවීර මහතා නව අභ්‍යාස ආයතනය සහ එහි අරමුණු විස්තර කළේ මෙසේය.
”ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවයේ නියුක්ත නිලධරයන් බොහෝදෙනකු පුහුණුව ලැබූ අයයි. මේ පුහුණුව ඔවුන්ට ලැබී ඇත්තේ ඔවුන්ට සේවය කරන්නට සිදුවන පරිසරයටත්, එම පරිසරයේ ප‍්‍රශ්නවලටත් හාත්පසින්ම වෙනස් තත්ත්වයක් පවතින විදේශීය රටවලිනි. මේ නිසා එක් අතකින් බලන විට එවැනි පුහුණුවීම් මේ රටට යෝග්‍ය නොවූ බව පෙනේ. ඇතැම්විට එලෙස පුහුණුවූ ඒ අය ආපසු පැමිණි විට විදෙස් රටවලින් ඉගෙනගත්, එහෙත් මෙරට අරමුණුවලට නොගැලපෙන ක‍්‍රම ක‍්‍රියාවේ යෙදීමට යෑමෙන් අසාර්ථක ප‍්‍රතිඵල ලැබීම නිසා තමන් ලැබූ පුහුණුව තමන්ටම බරක් වූ අවස්ථා ද ඇතිව තිබේ. මේ නිසා තමන්ට සේවය කිරීමට සිදුවන පරිසරය තුළම පැවැත්වෙන අභ්‍යාස ආයතන ඇති කර ඒ මගින් ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදනය කිරීම පිළිබ`දව පුහුණුවක් නිලධරයන්ට ලබාදීම අවශ්‍යම බව පෙනිණ.”
ජයවීර මහතා අභ්‍යාස ආයතනයෙන් බලාපොරොත්තුවූයේ ”ශබ්දය හසුරුවන්නන් පමණක් බිහි නොකර, ගැඹුරු පසුබිමක් ඇති, නියම ගුවන්විදුලි කලාවේදීන් නිපදවීමයි.” ජයවීර මහතාගේ වචනවලින්ම කීවොත් ”අභ්‍යාස ආයතනයේ අරමුණ විය යුත්තේ තමන්ගේ වටපිටාව ගැන පළල් අවබෝධයක් ඇති, තමන් ජීවත්වන සමාජයේ ආර්ථික හා සමාජයීය තත්ත්වය ගැන මනා හැ`ගීමක් ඇති, නව පරිසරයේ ප‍්‍රශ්න හා ඝට්ටනවලට මුහුණදෙන, ඒවා පිළිබිඹු කරන පිරිසක් ඇතිකිරීමයි. පුළුල් අවබෝධයක් තමන් තුළ ඇතිකරලීමට පුහුණුව ලබන්නන්ට අනුබල දීමටත් උනන්දු කරලීමටත් අභ්‍යාස ආයතනයට හැකිවිය යුතුයි.”
”වේවල් මහතා ඇතුළු අභ්‍යාස ආයතනය උත්සාහ කරන්නේ කවර ප‍්‍රතිඵලයක් ලබාගැනීමටද? අභ්‍යාස ආයතනයක්් මගින් අඩුම වශයෙන් කළ හැකි කාර්ය කීපයක් ඇත. අසන්නන්ගේ සිත්වලට තදින් බලපාන පරිදි භාෂාව හා ශබ්ද මයික්‍රොෆෝනය ඉදිරියෙහි හසුරුවමින් නාට්‍ය, විචිත‍්‍රාංග, සංගීතාංග නිෂ්පාදනය කරන ආකාරයත්, ප‍්‍රවෘත්ති නිවේදනයක් සකස්කරන අන්දමත් නිෂ්පාදකයින්ට කියාදීමට පුළුවන. එහෙත්, මේවා ප‍්‍රායෝගික උපක‍්‍රම පමණකි. මෙවැනි උපක‍්‍රම පමණක් ප‍්‍රගුණ කිරීමෙන් සිදුවන්නේ, කාර්මිකයින් බෝවීමයි. ගුවන්විදුලි නිෂ්පාදකයෝ හුදු කාර්මික පිරිසක් නොවෙති. ඔවුහු අංග සම්පූර්ණ පුද්ගලයින් වියයුතුය. එහෙයින් කාර්මිකයින් පමණක් බිහිකිරීමෙන් අභ්‍යාස ආයතනයට සතුටට පත්විය නොහැකිය. ශබ්දය හසුරුවන්නන් පමණක් බිහි නොකර, ගැඹුරු පසුබිමක් ඇති, නියම ගුවන්විදුලි කලාවේදීන් නිපදවීම අභ්‍යාස ආයතනයේ කාර්යයයි. අභ්‍යාස ආයතනයේ අරමුණ විය යුත්තේ තමන්ගේ වටපිටාව ගැන පළල් අවබෝධයක් ඇති, තමන් ජීවත්වෙන සමාජයේ ආර්ථික හා සමාජයීය තත්ත්වය ගැන මනා හැ`ගීමක් ඇති, තම පරිසරයේ ප‍්‍රශ්න හා ඝට්ටනවලට මුහුණදෙන, ඒවා පිළිබිඹු කරන, පිරිසක් ඇති කිරීමයි. මෙය ඇත්ත වශයෙන්ම ගුවන්විදුලි ආයතනයක් මගින් නොව, විශ්වවිද්‍යාලයක් විසින් භාරගත යුතු කාර්යයකි. එහෙත්, එවැනි පළල් අවබෝධයක් තමන් තුළ ඇතිකරලීමට පුහුණුව ලබන්නට අනුබල දීමටත්, උනන්දු කරලීමටත්, අභ්‍යාස ආයතනයට හැකිවිය යුතුය.”
ඒ අනුව මුල් කාලයේදී ජාතික ගුවන්විදුලියේ අභ්‍යාස ආයතනයෙහි මූලික වගකීම් සහ අරමුණ වූයේ ප‍්‍රධාන වශයෙන් වැඩසටහන් කාර්යමණ්ඩලයත් ඊට අමතරව තාක්ෂණික කාර්යමණ්ඩලයත් නිසි පරිදි පුහුණු කිරීමයි. එහෙත් කාලයත් සමග සංස්ථාවේ සියලූ කාණ්ඩවලට අයත් කාර්යමණ්ඩල පුහුණු අවශ්‍යතා සපුරාලීම දක්වා ඉහත වගකීම පුළුල්කිරීමට අවශ්‍යවූ අතර, එය විධිමත් සහ සන්තතික ක‍්‍රියාවලියක් ලෙස පවත්වාගෙන යාම ගුවන්විදුලි සංස්ථා අභ්‍යාස ආයතනයේ විශේෂිත කාර්යභාරය බවට පත්විය. මේ පුහුණු අවශ්‍යතා දේශීය මට්ටමින් සපුරාලීම අභ්‍යාස ආයතනය මගින් ඉටුකළ හැකි වුවද, ඉන් ඔබ්බට වඩාත් විශේෂිත සහ උසස් වෘත්තීය සංවර්ධනය ස`දහා කාර්යමණ්ඩලය අතරින් තෝරාගත් සුදුස්සන් ජාත්‍යන්තර මට්ටමෙන් පුහුණුකරවීමේ අවශ්‍යතාව ද දිගටම පවතී. මෙය ඉටුකරගත හැකි ක‍්‍රම දෙකකි. තෝරාගත් නිලධාරීන්ට ශිෂ්‍යත්ව, අධිශිෂ්‍යත්ව, ජාත්‍යන්තර වැඩමුළු, සමුළු, කෙටි හා දිගුකාලීන පාඨමාලා යනාදිය ස`දහා විදේශගතවීමට අවස්ථා සලසාදීම එක් ක‍්‍රමයකි. එහෙත් ඒ අයුරින් පුහුණුව ලබාදිය හැක්කේ වරින්වර ඉතා සුළු සංඛ්‍යාවකට පමණි. අනෙක් අතට, විවිධ විදේශීය ආයතන සහ සංවිධානවල සහයෝගීතාව ලබාගෙන ජාත්‍යන්තර මට්ටමේ පුහුණු කටයුතු සංවිධානයකොට ඒවා ශ‍්‍රී ලංකාව තුළදීම පවත්වන්නේ නම් සාපේක්ෂව වැඩි නිලධාරීන් සංඛ්‍යාවකට එකවර එම පුහුණුව ලබාදීමට හැකියාව ලැබේ. ජාතික ගුවන්විදුලි අභ්‍යාස ආයතනය මෙකී දෙවන ක‍්‍රමය ඔස්සේ විටින් විට පවත්වන ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් ස`දහා සත්කාරක ආයතනයක් ලෙස ද ක‍්‍රියාකරයි.
ශ‍්‍රී ලාංකික ජනතාවට සංහතික මාධ්‍යයක් ලෙස ගුවන්විදුලිය ඇසුරු කරන්නට අවස්ථාව උදාවී වසර 50 කට ආසන්න කාලයක් ගතවනතුරුම මෙරට පැවතුණේ් ගුවන්විදුලි සන්නිවේදන ඒකාධිකාරයක් (පදබදචදකහ* බව නොරහසකි. එනම් ශ‍්‍රාවක ප‍්‍රජාවට තෝරාගැනීමට වෙනත් කිසිදු විකල්ප ගුවන්විදුලි සේවා මෙහි නොපැවතුණි. එහි අරුත නම්, ශ‍්‍රාවකයාට ග‍්‍රහණය කරගත හැකි විකාශන මාධ්‍ය අන්තර්ගතයේ පරාසය සීමිත එකක් වූ බවයි. විකාශන අන්තර්ගයෙහි අවසන් බලපෑම සිදුවන්නේ ජනවිඥානයට - එනම් අසන්නාගේ මනසට බැවින් එම අන්තර්ගතයේ ගුණාත්මක තත්ත්වය :ුම්කසඑහ* හැකිතාක් උසස් මට්ටමකින් පවත්වාගැනීම අත්‍යවශ්‍ය වේ. ඒකාධිකාරී විකාශන මාධ්‍ය පරිසරයක අසන්නාට ලබාගත හැකි අන්තර්ගත පරාසය මෙසේ සීමිත වුවද මුල් අවධියේ සිටම එකී අන්තර්ගයෙහි උසස් ගුණාත්මක මට්ටම් පවත්වාගැනීමට හිතකරවූ එක් සාධකයක් හ`දුනාගත හැකිය. එනම් ඊග ඊග ක්‍ග ගුවන්විදුලිය පූර්වාදර්ශ කොටගත් මහජන සේවා සන්නිවේදන :ඡුමඉකසජ ිැරඩසජැ ඊරද්ාජ්ිඑසබට* මූලාකාතියයි. තොරතුරු (සබදෙරප්එසදබ*, අධ්‍යාපනය (ැාමජ්එසදබ* සහ විනෝදාස්වාදය (ැබඑැරඒසබපැබඑ*, යන සාධක හැකිතාක් ගුණාත්මකව සම්පාදනය කිරීම මගින් ජනවිඥානය වඩාත් පොහොසත් කිරීම මහජන සේවා සන්නිවේදන එළඹුමෙහි ප‍්‍රතිපත්තිමය පදනමයි. ශ‍්‍රී ලංකාවේ ජාතික ගුවන්විදුලි ජාලය ද අසන්නා වෙත ගුණාත්මකව උසස් අන්තර්ගතයක් පිරිනැමීමට වෙහෙස දරා ඇති බවක් මේ අනුව පෙනී යයි. ගුණාත්මක අන්තර්ගතයක් ගොනුකිරීමට සමත් ගුවන්විදුලි සන්නිවේදකයන් මේ ස`දහා අත්‍යවශ්‍ය බව ප‍්‍රත්‍යක්‍ෂ කරුණකි. මොනයම්ම සන්නවේදකයකුට වේවා මෙකී පොහොසත් බව ලැබිය හැක්කේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය ඔස්සේ පමණි. සන්නිවේදකයකු සිය කටයුතු අර්ථාන්විතව සහ වගකීම් සහගතව ඉටු කිරීම ස`දහා ප‍්‍රමාණවත් සහ විධිමත් පුහුණුවක් ලැබිය යුතුම වන්නේ මේ නිසාය. ගුවන්විදුලි සන්නිවේදන ක්ෂේත‍්‍රයට පිවිසෙන නවකයන්ගේ පමණක් නොව ක‍්‍රියාකාරී ගුවන්විදුලි සන්නිවේදකයන්ගේ ද සුවිශේෂ පුහුණු අවශ්‍යතා හ`දුනාගනිිමින් ඒවා සපුරාලීමට මූලික මට්ටමේ සිට විශේෂිත මට්ටම් දක්වා පුළුල් පරාසයක පාඨමාලා ඇතුළු විවිධ පුහුණු වැඩසටහන් සැලසුම්කොට ක‍්‍රියාත්මක කරමින් ගුවන්විදුලි සංස්ථා අභ්‍යාස ආයතනය වසර පනහක් මුළුල්ලේ මෙම ජාතික වගකීම ඉටුකර ඇත. මාධ්‍ය පුහුණු විෂය ක්ෂේත‍්‍රයෙහි ජාත්‍යන්තර මට්ටමින් සිදුවන නව වර්ධනයවීම් සහ ප‍්‍රවණතා අනුව යාවත්කාලීන වෙමින් ගුවන්විදුලි අභ්‍යාස ආයතනය වර්තමානයටත්, අනාගතයටත් උචිත ගුණාත්මක බවින් පොහොසත් සන්නිවේදකයන් පුුහුණුකිරීමේ කාර්යභාරය නොපිරිහෙලා ඉටුකිරීමට ඇපකැපවී සිිටි.
මේ වන විට අභ්‍යාස ආයතනය මගින් පවත්වන ගුවන්විදුලි සන්නිවේදන හා නිෂ්පාදන සහතිකපත‍්‍ර පාඨමාලාවෙන් බාහිර අභ්‍යාසලාභී කණ්ඩායම් තිහක් මූලික පුහුණුව ලබා ඇත. මීට අමතරව ගුවන්විදුලි අභ්‍යාස ආයතය ප‍්‍රධාන කාර්යාලයෙන් පිටත මාධ්‍ය පුහුණු ආයතනයක් වශයෙන් කොත්මලේ මාධ්‍ය පුහුණු පාසල 2016 වර්ෂයේ සිට පවත්වාගෙන යයි. මේ වන විට බාහිර අභ්‍යාසලාභී කණ්ඩායම් 26ක් එහි පැවැත්වෙන කෙටිකාලීන නේවාසික පුහුණු පාඨමාලාවට සහභාගීවී ඇත.
2018 දී ප‍්‍රාදේශීය ගුවන්විදුලි සේවා පාදක කරගනිිමින් (රුහුණ, රජරට, ක`දුරට* ප‍්‍රාදේශීය මට්ටමින් මාධ්‍ය පුහුණු පාඨමාලා ආරම්භකර ඇත.
ඊට අමතරව ගුවන්විදුලි ඉංජිනේරු අංශය සමග එක්ව ශබ්ද පරිපාලන පාඨමාලාවක් ද අභ්‍යාස ආයතනයට අනුබද්ධව පැවැත්වේ. එමගින් එම ක්ෂේත‍්‍රයට ද පිවිසීමට අවශ්‍ය පදනම සිසුන් විශාල සංඛ්‍යාවකට ලැබී ඇත. බාහිර අභ්‍යාසලාභීන් ස`දහා මෙම මූලික පාඨමාලා දෙකම යාවත්කාලීන කරමින් ඉදිරි වසරවලදී ද දිගටම පවත්වනු ඇත.
මේ සියල්ල පවත්වාගෙන යන අතරතුර ගුවන්විදුලි අභ්‍යාසය ආයතයේ අනාගත සැලැස්මට ඩිජිටල් ගුවන්විදුලි සන්නිවේදන තාක්‍ෂණය ඇතුළු ක්ෂේත‍්‍රයට අදාල නවීන පුහුණු පාඨමාලා රැසක් එක්කිරීමට සැලසුම්කර ඇත.