ශ්‍රීලනිප යම් පිරිස් එජාපයත් සමග එකතු වෙන්න සූදානම් - රවී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් පිරිස් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්න සාකච්ඡා පවත්වලා තිබෙන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.
‘‘අපට පෙන්වා දෙන්න පුළුවන් ඉදිරියේදී ඔවුන් අප සමඟ එකතුවෙන්නේ සුබවාදී ගමනක් සඳහා බවත්, අපි කරන්නේ සදාචාරාත්මක දේශපාලනයක්‘‘ යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය නව ගොඩනැගිල්ලකට ගෙනයාම සහ තවත් ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමකට එක් වෙමිනි.