බොරැල්ල රිය අනතුර කළ ඩිෆෙන්ඩර් රියදුරුට අධිචෝදනා

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර රිය අනතුරකට ලක්කර පළා යෑමේ සිදුවීමට අදාළව එම ඩිෆෙන්ඩර් රථය පැදවූ නවිදු උමේෂ් රත්නායක නමැති විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාරදුන්නේය.
බම්බලපිටිය පොලිස් වසමේදී මෙම අනතුර සිදුවූ අතර තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ජීවිතක්ෂයට පත්විය.
අනතුර සිදු කිරීමෙන් පසුව විත්තිකරු තවත් පිරිසක් සමග සිය වාහන ද රැගෙන පළා ගොස් තිබූණි.
අපරික්ෂාකාරී ලෙස රිය පදවා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කර තිබේ.