නීතිවිරෝධීව රැඳී සිටි චීන ජාතිකයන් 11ක් අත්අඩංගුවට

ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින්, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිට රැකියාවක නිරතව සිටි චීන ජාතිකයන් 11දෙනෙකු ආගමන විගමන බුද්ධි හා නිරීක්ෂණ අංශ නිලධාරීන් කණ්ඩායමක් අද(24) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කණ්ඩායම සංචාරක වීසා මත ලංකාවට පැමිණ, වීසා කාලය ඉක්මවා කොම්පඤ්ඤවීදීය ඉදිකිරීමේ වැඩ බිමක සේවය කරමින් සිට ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
සංචාරක වීසා මත පැමිණ රැකියාවේ නිරතව සිටීම සහ එම වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටීම ආගමන විගමන නීතිරීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවද එම ප්‍රකාශකයා පැවසීය.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 11දෙනා මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටින අතර වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.