මානය චිත‍්‍රපටයේ මංගල දැක්ම දා

අපේකම රකින, අපේදේ අගයන, අපේමසිනමා නිර්මාණයක් යන්න තේමාකර ගනිමින් තිරගත වීම ආරම්භ කළ මානය චිත‍්‍රපටයේ මංගල දර්ශණය පසුගිය දා කොළඹ රීගල් සිනමාශාලාවේදී විශේෂ ආරාධිතයින් පිරිසක් මධ්‍යයේ පැවැත්විණ. සිනෙස්ටා පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා, ප‍්‍රවීණරංගනවේදී රවීන්ද්‍ර රන්දෙනිය, ආචාර්ය අරෝෂ ප‍්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, ඇතුළු පිරිසක් ආරාධිතයින් අතර විය.
අංජු ධනංජයගේ කුළු`දුල් සිනමා කෘතියවන ‘මානය’ චිත‍්‍රපටය නිෂ්පාදනය කළේ රොෂාන් ඉන්දික රළපනාවයි. වසන්ත කුමාරවිල, උපේක්ෂා ස්වර්ණමාලි, හේමන්ත ඊරියගම, පවිත‍්‍රා වික‍්‍රමසිංහ, දිලීප් මනෝහර, සුමුදු අමල්ක, ඇතුළු පිරිසක් රංගනයෙන් දායකත්වය දක්වා ඇති අතර, සංගීත අධ්‍යක්ෂණයෙන් හා ගායනයෙන් නිලන්ත සිරිපතිරණ, වර්ණ සංකලනයෙන් ආනන්දබණ්ඩාර, සංස්කරණයෙන් අනුරබණ්ඩාර, කැමරාකරණයෙන් ප‍්‍රසාද් දේවින්ද, කලා අධ්‍යක්ෂණයෙන් කසුන් මානවඩුගේ ද සහය වී ඇත. මෙයඩයන් ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.





සටහන - උපාලි
ඡුායාරූප - උජිත්දිල්හාන්