එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තිරණය කරන පුද්ගලයා ජනාධිපති අපෙක්ෂකයා ලෙස එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරනවා - වසන්ත අලුවිහාරේ

ඉදිරියේ දි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තිරණය කරන පුද්ගලයා ජනාධිපති අපෙක්ෂකයා ලෙස එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරණය තව මාස එකහමාරකින් ප්‍රකාශයට පත් කරනු ඇති බව කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමිය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා 14දා මාතලේ දි පැවසිය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ තොටගමුව ස්විස්ඩේල් හෝටලයේදි පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් පිරිම නිමිත්තෙන් “සාභිමානි අභීනන්දන“දශක තුනක දේශපාලන ප්‍රවේශය නමින් වු වැඩසටහන් මාලාවක් මාතලේ දිස්ත්‍රික්කය කෙන්ද්‍ර කරගෙන පැවැත්විමට නියමිත අතර ඒ පිළිබදව මාධ්‍ය දැනුවත් කිරිම සදහා මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණි.
වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මෙසේද පැවසිය.
අපේ පක්ෂයෙන් ජනාධිපති අපෙක්ෂකත්වයට හොද අශ්වයෙක් දානවා .දිනන්න පුළුවන් කෙනෙක්.ඒ නායක රනිල් වික්‍රමසිංහද සජිත් ප්‍රේමදාස ද කරු ජයසුරියද යන්න පිළිබදව යෝජනා ඉදිරිපත් කරනවා.ඇතැම් පිරිස් නම් ප්‍රකාශ කරනවා.නමුත් පක්ෂයක් ලෙස අපි එක තින්දුවකට එනවා.පොදු විපක්ෂය කවුරු දැම්මත් දිනන්න පුළුවන් කෙනා ඉන්නේ අිපේ පැත්තේ.වර්තමනාය වන විට රජයෙ ්ඉදිරි ගමන කඩාකප්පල් කිරිමට විවිධ විශ්වාසභංග යෝජනා ගේනවා.අපි ඒ සියල්ල පරාජය කරනවා.මේ රජය ශක්තිමත්ව ඉදිරියට යන එක කාටවත් වලක්වන් බැහැ.පසුගිය දින 52 පැවති කාලය මේ රටෙ ්අදුරුතම යුගය බවට පත් වුණා.සියලු සංවර්ධන කටයුතු ඇණ හිටියා.මාතලෙ ්දිස්ත්‍රික්කයේ පමණක් මෙ ්වසර පහ තුළ රුපියල් ලක්ෂ අසුදහසක පමණ මුදලක් අපි යොදවා වසර 20කට පසු දැවැන්ත සංවර්ධන කටයුතු සිදු කරනවා.මේ පිළිබදව ජනතාවට දැනුවත් කිරිම මාධ්‍ය කළ යුතුයි.ජනාධිපතිවරයා පසුගිය දිනක කියනවා 18 වෙනි ව්‍යාවස්ථා සංශෝධනය ඒකාධිපති කියලා.19 සංශෝධනය කුමන්ත්‍රණයක් කියලා නමුත් ඒ සියලු දෙනාම මේවාට අත් දෙකම ඉස්සුවා.ඒ නිසා ජනතාව ඇත්ත තේරුම් ගත යුතු බවද ඒ මහතා පැවසිය.ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය පොදු අපෙක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ.එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් තමයි අපි ඉදිරිපත් කරන්නේ.වත්මන් විපක්ෂ නායන මහින්ද රාජපක්ෂ මහතා මිට වඩා වගකමිනෙ ්කටයුතු කළ යුතුයි.ඔහු පරිණත දේශාලනඥයෙක්.ආණ්ඩුවකට වසර පහකට බලය ජනතාව දුන්නානම් ඒ බලය පාවිච්චිකරමින් ඔවුන්ට වැඩ කිරිමට ඉඩ දිය යුතු බවද අලුවිහාරේ මහතා පැවසිය.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)