Car Free Zone කිරීමට පාරවල් වසයි

නෙදර්ලන්ත තානාපති කාර්යාලය හා කොළඹ නගර සභාව එක්ව අද දිනයේදී කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මෝටර් රථ නොමැති කලාපයක් (Car Free Zone) ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ ව්‍යාපෘතිය හරහා වාහන නොමැතිව මිනිසුන්ට ගැවසිය හැකි මාර්ගයක් නිර්මාණය කිරිමට අපේක්ෂා කරයි.
කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අද දිනයේදී කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ රථ වාහන ගමනය සීමා කිරිමට කටයුතු කර තිබේ.